Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Friday, April 6, 2018

Creating Souncloud SMS Notification Service with IFTTT Event based Triggering

By Sandun Isuru Niraj  |  4:43 PM No comments


ටිකක් දිග නිවාඩුවකින් පස්සේ මම අද ආවේ. ඉතින් එහෙම එද්දී හිස් අතින් එන්නත් බැරි නිසා අලුත්ම Technology එකකින් වැඩ ගන්න හැටි කියලදෙන්න තමයි මම ආවේ. එහෙනම් වැඩේට බහිමු නේ...


ඇත්තටම මම අද හදන හැටි කියල දෙන්න හදන්නේ Event Based Triggering පාවිච්චි කරලා ඔයාගේ Soundcloud එකේ ඔයා Follow කරලා තියන Station එකකට Track එකක් අලුතින් එකතු උනාම ඔයාට එක ගැන SMS එකකින් දැනුම් දෙන පොඩි සරල Service එකක් Freeම හදාගන්න හැටි ගැන. 
Soundcloud කියන්නේ මොකක්ද කියල ඔය Music field එකේ අය එහෙමනම් දන්නවා. තව ඔය podcast අහන අයත් දන්නවා. මටත් මේක ඕනි වුනේ මම අහන Illumination Cast, HyperstellaDaylight Podcast, Techkatha වගේ podcast වල අලුත් episode එකක් ආපු හැටිය දැනගන්න. ඉතින් මේකෙන් මේ වගේ දේවල් විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් කරගන්න පුළුවන්, මම ඒ ගැන පෝස්ට් එකේ අන්තිමට කියන්නම්.

Event Based Triggering කියන්නේ මොකක්ද?

Event Based Triggering කියන්නේ යම්කිසි event එකක් ඒ කියන්නේ ක්‍රියාවක් නිසා තවත් ක්‍රියාවක් ආරම්භ කිරීම කියන එක. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපේ කාමරේ උෂ්ණත්වේ වැඩි වුනොත් අපි මොකද කරන්නේ අපි එක්කෝ Fan එක දානවා නැත්තන් A/C එක දානවා. ඉතින් මෙතන වුනෙත් Event Based Triggering එකක් තමයි. මෙතන First Event එක තමයි කාමරේ උෂ්ණත්වය වැඩිවෙච්ච එක. ඒක නිසා අපිව Trigger වෙනවා Fan එක හෝ A/C එක on කරන්න.

මේකට අපි පාවිච්චි කරනවා platform එකක්. එකේ නම IFTTT. IFTTT කියන අකුරු වලින් කෙටි කරලා තියෙන්නේ "IF This Then That" කියන එක. ඒ කියන්නේ මේක වෙනවා නම් ඊටපස්සේ මේක කරන්න කියන එක. 

මේක අපි පාවිච්චි කරන්නේ මෙහෙමයි.

IF:
This("Soundcloud එකේ අපි follow කරලා තියන Station ඒකට අලුත් Track එකක් ආවොත්")
Then:
That("මගේ Number ඒකට SMS එක යවන්න")

ඔන්න ඕක තමයි Logic එක.

එහෙනම් දැන් බලමු ඕක සරලව හදාගන්නේ කොහොමද කියන එක.
ඉස්සෙල්ලම අපිට ඕනි IFTTT Account එකක් ඒකට www.ifttt.com වෙබ් සයිට් ඒකට යන්න.


දැන් ඔය page එකේ රතු පාටින් පෙන්නලා තියන ඕනිම විදියකට Account එකක් හදාගන්න. එහෙම හදාගෙන ලෝග්වෙච්ච ගමන් එන page එකේ උඩ හරියේ තියන x click කරලා close කරන්න. ඊටපස්සේ ඔයාලට පෙන්නේ මෙන්න මේ page එක.

මෙතන තියනවා දැනටමත් හදපු මේ වගේ Applets වල පොඩි Portfolio එකක්. අපි දැන් අලුත් එකක් හදන්න යන්නේ ඒ නිසා My Applets කියන එක click කරන්න.


මෙතන තමයි අපි දැනටමත් හදල තියන Service ඒ කියන්නේ Applets තියෙන්නේ. අපි අලුත් එකක් හදන්න හදන නිසා New Applet කියන Button එක ක්ලික් කරන්න.

දැන් අපි අපේ First event එක හදන්නයි යන්නේ. ඒකට ඔය this කියන එක click කරන්න. 

එතකොට මේ වගේ දිග ලිස්ට් එකක් එනවා. මෙතන තියන ඕනිම service එකක events අපිට capture කරගන්න පුළුවන්.
මම Search කරලා Soundcloud කියන service එක අරගන්නවා. මතක් කරගන්න අපි ඉස්සෙල්ලම ගන්න හදන්නේ Soundcloud වලට අලුත් track එකක් එන එක. 
දැන් මෙතනින් Connect කියන එක click කරාම popup window එකක් එනවා
ඒකෙන් ඔයාගේ Soundcloud account ඒකට log වෙලා Permissions දෙන්න. දැන් අපි Soundcloud එක connect කරගත්ත.

මෙතනින් තමයි event එක තෝරාගන්න ඕනි. මෙතනනම් events 4ක් තියනවා. මතක් කරගන්න අපිට ඕනි Soundcloud එකේ අපි follow කරලා තියන Station ඒකට අලුත් Track එකක් ආවොත් කියන එකනේ. ඒ නිසා 3 වෙනි event එක තමයි අපිට ඕනි කරන්නේ. ඒක ක්ලික් කරන්න.

දැන් අපි ඉස්සෙල්ල කියපු event එක වුනොත් කරන එක හදන්න ඕනි. ඒකට ඔය that කියන එක ක්ලික් කරන්න.

ආයෙත් අර කලින් වගේම ලොකු Service list එකක් එනවා. එතනින් අපිට ඕනි SMS නිසා මම එක ක්ලික් කරනවා.

දැන් මේ page එකේ තියන connect කියන එක ක්ලික් කලාම popup window එකක් එනවා. එකේ ඔයාගේ Phone number එක හරියට ගහන්න. ඒ ගහනකොට ගහන්න ඕනි විදියක් තියනවා. ඔයාගේ number එක 0712345678 කියල හිතමුකෝ. ඔයා ලංකාවේ නම් ඔයාගේ Country code එක 94. 

එහෙනම් හරි විදිහ  :  0094712345678

ඔය විදිහට හරියට කලානම් ඔයාගේ phone ඒකට sms එකක් එනවා. (අනිත් Network නම් කොහොමද දන්නේ නෑ Dialog සහ Mobitel වලටනම් වැඩ කරනවා.) 
හරි එහෙම එහෙම එන SMS එකේ ඉලක්කම් 4ක code එකක් එනවා. එක ගහන්න connect ක්ලික් කරන්න. දැන් එකේ වැඩෙත් හරි.

මේකේ ඉතින් තියෙන්නේ එක event එකයි. ඒ ඉතින් sms එක send කරන එක. එක ක්ලික් කරන්න.

මෙතනින් තමයි අපිට එවන SMS එකේ content එක වෙනස් කරන්න ඕනි. ඒක ඉතින් කැමති විදිහට කරගන්න. මම නම් දාල තියෙන්නේ අලුතින් දාපු track එකේ නමයි. Station එකේ නමයි, ඒ track එකේ URL එකයි විදිහට. තව ඕනි නම් Add Ingredients වලින් ගිහින් add කරගන්න පුළුවන්. 

දැන් වැඩ ඉවරනම් Create Action කියන එක ක්ලික් කරන්න.

දැන් ඇත්තටම අපේ වැඩේ 99% ඉවරයි. අන්තිම පියවර විදිහට එන page එකෙන් අපි දීපු විස්තර හරි නම් Finish කියන button එක ක්ලික් කරන්න. 

එතකොට අන්තිමට මේ වගේ ඔයා හදපු service එක නැත්නම් Applet එක ඔයාලට බලාගන්න පුළුවන්. 

මේ තියෙන්නේ මට එහෙම ආපු SMS එකක්.

හැබැයි මේකේ පොඩි Limitation එකක් තියනවා තවම ලංකාවට මාසෙකට එවන්නේ SMS 10ක් විතරයි. US වලටනම් මාසෙකට SMS 100ක් විතරයි.

වැඩේ පැහැදිලි ඇති කියල හිතනවා. ප්‍රශ්න තියනවා නම් ඒකට තමයි පල්ලෙහා comment section එකක් තියෙන්නේ. 

හරි මම පොස්ට් එක පටන් ගද්දි කිව්වනේ මේකෙන් කරගන්න පුළුවන් තව දේවල් කියනවා කියල. 
මම මේකෙන් හදල තියනව තව Applets, 
එකක් තමයි මම මොකක්හරි හෑෂ්ටැග් එකක් එක්ක ෆොටෝ එකක් Facebook upload කලොත් ඒ hashtag එක අදුරගෙන ඒ ෆොටෝ එකම මගේ Twitter එකටයි, Linkedin එකටයි Autoම Upload වෙන්න.

තව එකක් තියනවා මට ඕනි කියමුකෝ යම්කිසි පළාතකට ඇතුල් වෙනකොටම මම මේ පලාතට තමයි දැන් ඇතුල් වෙන්නේ කියාලා දැනගන්න. ඒකට මම Applet එකක් හදාගෙන ඉන්නව. ඒ  පලාතට යද්දීම මගේ phone එකේ Notification එකක් එනවා. මේක වැඩ කරන්න හැබැයි IFTTTලගේ Mobile Application එක දාගෙන ඉන්න ඕනි. බයවෙන්න දෙයක් නෑ Android වගේම iOS වලටත් App එක තියනවා( Windows එවුන් එතනත් කොන් කරලා :-) )  

IoT ඒ කියන්නේ Internet of Things පැත්තට යනවා නම් මෙයාලගේ වෙනම Arduino SDK එකක් තියනවා. එකෙන් මේ Event Based Triggering කියන දේ Internet of Things වලටත් සෙට් කරගන්න පුළුවන්. ඒක ගැන මම වෙනම වෙලාවක් තිබුනොත් කියල දෙන්නම්.

අම්මෝ අතත් රිදෙනවා දැන්. අදට ඇති එහෙනම්.

ඔබට ජය.!

Author: Sandun Isuru Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP