Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Tuesday, September 12, 2017

How to create Facebook Nametest application by own - No programming knowledge needed!

By Sandun Isuru Niraj  |  8:50 AM No comments

ඔන්න අම්මෝ හෙනම කාලෙකට පස්සේ බ්ලොග් එකේ පෝස්ට් එකක් ලියන්නේ. මේ දවස් වල කැම්පස් එකේ presentation සහ අනෙකුත් වැඩත් එක්ක කොහෙද බන් බ්ලොග් ලියන්න වෙලාවක්. එකෙන් වැඩක් නෑ දැන්. එහෙනම් මං අද ටිකක් Facebook එකේ තියන අලුත්ම trend එකක් ගැන තමි කතා කරන්න හදන්නේ. ඔයාල දැකල ඇතිනේ එක එක අය Facebook status update කරනවා එක එක විදියේ test ගැන කියල. උදාහරණයක් විදියට මේ වගේ ඒවා ඔයාල දැකල ඇති.

"ඔයාගේ GF/BF ඔයාට කොච්චර ආදරෙයිද කියල බලන්න."
"කට්ටිය ඔයා ගැන මොකද කියන්නේ"

වගේ දේවල් උදාහරණයකට ගන්න පුළුවන්. මේ තියන්නේ මං කරපු එකක්.


දැන් හැමෝටම තේරෙනවා ඇති මං මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. තේරෙන්නේ නැත්තන් ඉතින් ඒකා Facebook කියන එක දෑහට දැකල නැති එකෙක් වෙන්න ඕනි.

හරි එහෙනම් මං කියන්න හදන්නේ මේ වගේ application එකක් අපිටම හදාගන්නේ කොහොමද කියල. සාමන්යෙන් අපිට මේ වගේ එකක් හදාගන්න නම් programming knowledge එකක් ඕනි වෙනවා. ඇත්තටම කිව්වොත් Facebook SDK එක අරගෙන, Image Processing කරලා, Algorithm ලියල තමයි මේක කරන්න ඕනි. ඒත් ගොඩක් අයට ඒ දැනුම නැනේ. ඒ නිසා මං හිතුව මේක programming නැතුව කරන විදිහ පෝස්ට් එකකින් කියල දෙන්න. programming වලින් කරන විදිහත් මං පස්සේ පෝස්ට් එකක් දාන්නම්. 

හරි එහෙනම් අපි වැඩ පටන් ගමු.

ඉස්සෙල්ලම ඔයා browser එකෙන් Facebook ලොග් වෙලා ඉන්න. පස්සේ මේ ලින්ක් එකෙන් TestOny කියන වෙබ් සයිට් එකට යන්න.


දැන් මේ රතු පාටින් පෙන්නන button එකක් click කරන්න.


දැන් ඔයාට popup එකක් ඒවි Create your own test! කියලා. එකේ තියන Continue with Facebook කියන button එක click කරන්න. එතකොට facebook එකෙන් ඔයාගෙන් permission ඉල්ලනවා. ඒක allow කරන්න. දැන් එතකොට මේ වගේ page එකකට එනවා.


මේකේ ඔයාට කැමති ජාතියේ app type එකක් තෝරාගන්න. මං පලවෙනි එක බලන්නම්. 



මේකේ ඉස්සෙල්ලම ඔයාගේ application එකට නමක් දෙන්න. පස්සේ language එක විදියට English දෙන්න.


මේකේ What gender should get this result? කියන තැනට ඔයාගේ මේ result එක අදාළ වෙන්නේ කොයි gender එකටද කියන එක දෙන්න පුළුවන්. එකට හේතුව සමහර වෙලාවට සමහර test වලට දෙන results gender එකත් එක්ක වෙනස් වෙනවනේ. choose an image කියන තැනට ඔයාගේ result එකට මොකක්හරි image එකක් දාන්න ඕනි නම් එක මෙතනට දාන්න ඕනි. Enter your text කියන තැනට ඔයාගේ image එක උඩට මොකක්හරි වාක්‍යක් එන්න ඕනි නම් ඒක දාන්න පුළුවන්. මේ විදිහට ඕනි තරම් results ඔයාලට හදාගන්න පුළුවන්. 


එක කරන්නේ ඔය උඩ image එකේ රවුම් කරලා තියන button එකෙන් තමයි. දැන් ඔක්කොම හරි නම් යට තියන Set Quiz Online කියන button එක click කරන්න. දැන් ඔයාට මේ Test එක share කරන්න පුළුවන් ඔයාගේ යාළුවන් අතර. 

ඒත් අන්තිමට කියන්න ඕනි මේ ප්‍රශ්න ටික මේ system එකෙන් Tests හදද්දී තියනව.

අංක 1 : සිංහල තාම මේකට වැඩ කරන්නේ නෑ. ඒ නිසා සිංහල අකුරු වලින් Tests හදන්න බෑ.
අංක 2 : මේ tests වලදී ඔයාගේ profile analyze වීමක් වෙන්නේ නෑ. shuffle වෙච්ච result                එකක් විතරයි දෙන්නේ. 

එහෙනම් කට්ටියටම වැඩේ මීටර් වෙන්න ඇති කියල හිතෙනවා. මොකක්මහරි අවුලක් තියනව නම් comment එකකුත් දාන්න. වෙලාව තියන විදියට මම reply කරන්නම්කො. එහෙනම් මම ගියා...

Author: Sandun Isuru Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP