Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Saturday, September 24, 2016

Learn Atmega Programming Lesson 1

By DJ Niraj  |  1:47 PM No comments


ඔන්න එහෙනම් ගොඩාක් කාලෙකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් දාන්න හිතුනේ. Campus ආවට පස්සෙම දාන පලවෙනි බ්ලොග් පොස්ට් එක මේ... අපේ Course එකේ පලවෙනි අවුරුද්දේදී අපි කණ්ඩායමක් විදියට Hardware Project එකක් කරන්න ඕනි. ඒ අනුව අපි Microcontrollers වලින් වැඩ කරන නව නිපැයුමක් කරලා පෙන්නන්න ඕනි. කොහොමහරි Project Presentation එහෙම කරලා එකක් Approve කරගත්ත කියමුකෝ. ඊළඟට වැඩේ මේක හදන්නත් ඕනිනේ. මට ඒ දවස්වල ඉදලම Electronics පැත්ත එපාම කරපු එකක්... එත් ඉතින් එහෙම කියලත් බෑනේ.. මේක කරන්නත් එපැයි. ඔය නිසා මං ඒවා ගැන හොයන්න ගත්තා... ඉතින් මම ඉගෙනගත්ත ඒවා ටිකක් තමයි මම මේ Microcontroller කුප්පියෙන් කියල දෙන්න හිතුවේ...


ඉස්සෙල්ලම Microcontroller එකක් කියන්නේ මොකක්ද කියල මම කියල දෙන්නම්... MIcrocontroller එකක් කියන්නේ පරිගණකයක් වගේම අපි දෙන උපදෙස් වලට අනුව Inputs සහ Outputs පාලනය කරන පරිපථයක් වගේ එකක්. ඒ වගේ ක්ෂුද්‍ර පරිපථයක් පොඩි IC එකක දාල එවන එකක් තමයි Microcontroller එකක් කියන්නේ... අපිට පරිගණක භාෂාවක් පාවිච්චි කරලා මේ Microcontroller එක Program කරන්න පුළුවන්... මම මේ පාඩමෙන් කියල දෙන්නේ Atmega කියන Micro Chip සමාගමෙන් නිකුත් කරන Microcontroller වර්ගය Atmel Studio වැඩසටහන භාවිතයෙන් Program කරලා භාවිතා කරන හැටි ගැන... Robotics වලට එහෙම ආස අයට නම් මේ පාඩම් මාලාව ගොඩක් වැදගත් වේවි. ඔයාල Arduino වගේ කරන්න හිතන් ඉන්නවා නම් ඒකට ප්‍රවේශයක් ගන්න Atmel තමයි හොදම දේ. මොකද Arduinoවල යොදාගන්නෙත් මේ කියන Atmega කියන චිප් එකම තමයි. මම මේ ගැන මුලික දේවල් ටිකක් කියල දෙන්නම් තවත් වැඩිදුර විස්තර ඔයාලට Google පිහිටෙන් හොයාගන්න පුළුවන් ලේසියෙන්ම...

හොදයි.. එහෙනම් අපි පටන් ගමු... ඔයාලට Atmega Programming පටන් ගන්න මුලික Hardware වගේම Software කිහිපයක් ඕනි... මුලින්ම මම Hardwares ගැන කියල ඉන්නම්..  


  • Atmega Development Board එකක්..


මේක නම් අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි... ඔයාලට Atmega Chip එකේ pin config එක බලාගත්තම මේක bread board එකේ ගහල වැඩේ කරගන්න පුළුවන්... එත් වැඩේ ටිකක් කරදරයි වගේම පොඩි risk එකක් තියනවා. පොඩි හරි අග්‍ර මාරුවක් වුනොත් චිප් එක පිච්චෙන්න පුළුවන්... development board එකේ ඒවා වලක්වන්න ක්‍රම යොදල තියන නිසා මං නම් recommand කරන්නේ development board එකක් පාවිච්චි කරන්න කියල...
මේ යට තියෙන්නේ bread board එකේ නිකන්ම ගහල කරපු එකක්...



මේ තියෙන්නේ මං පාව්ච්චි කරපු භාණ්ඩේ. මම ගත්තේ Lankatronics ආයතනයෙන් ගහන Aptinex board එක... මේක ටිකක් හොද තත්වයේ එකක්...





බලන්නකෝ Made in Srilanka කියලත් ගහල තියනවා...


 මං නම් ගත්තේ රු. 1250ක් විතර ගානකට... නැත්නම් මේ වගේම ඒවා කොටුවෙන් ගන්න පුළුවන් 500 කට විතර නැත්නම් Ebay එකෙන් ගෙන්නනත් පුළුවන් තවත් අඩුවට....



මේ යටින් දාල තියන තැනිනුත් ගන්න පුළුවන්...




  • USBASP Programmer එක

මේකට USB-to-ISP කියලත් කියනවා... මේකනම් අත්‍යවශ්‍යම එකක්... මේකන් තමයි චිප් ඒකයි අපේ පරිගණකයයි සම්බන්ධ කරන්නේ... මගේ එකේ නම් තියෙන්නේ 10 pin female ISP Port එකක්... මේකේ 6ක් තියන එකකුත් තියනවා... Bread Board ගහන්න හිතන් ඉන්න අයටත් මේක ගන්න එක වටිනවා. එයාලටත් එක්ක ISP එකේ pin config එක මං යටින් දාන්නම්... 




මේකේ Female ISP port එක... development board එකේ ISP port එකට ගහන්න පුළුවන්...
මේක ගන්න තැනුත් මම කියන්නම්... මේක ලංකාවෙන් ගන්නවා නම් රු  500ත් 700ත් අතර මිලක් වෙනවා... කොටුවෙත් තියනවා. Lankatronics ලගේත් තියනවා.



 එත් මගේ එකනම් මම Ebay එකෙන් ගෙන්නුවේ මට ගියේ නම් රු 170යි. ඔයාලට කැමති විදියක් කරන්න.




  •   Atmega චිප් එකක්

මේක නැතුවනම් ඉතින් ඔය මොකක් තිබුනත් වැඩක් නෑ. අපි කරන ප්‍රෝග්‍රෑම් ඔක්කොම වැඩ කරන්නේ මේකෙන් තමයි... මම නම් ගත්තේ Atmega16A කියන චිප් එක... ඔයාල කරන වැඩේට ගැලපෙන විදියට ඔයාලට චිප් එකක් තෝරාගන්න පුළුවන්... මේකනම් ඉතින් වැඩි ගානක් නෑ.. මටනම් මේක development board එකත් එක්ක Free හම්බවුනා.. 


Atmega 16/32 Pin Configuration

පාවිච්චි කරනවා නම් තවත් හොද වැඩ ගොඩක් කරගන්න පුළුවන් චිප් එකක් තමයි Atmega32A එක... ඒකත් රු 300ක් 400ක් වගේ වෙන්නේ... Ebay ගෙන්නනවා නම් තවත් අඩුවට ගන්න පුළුවන්.


  • Bread Board කිහිපයක්

අපි කරන වැඩ circuit පාස්සන්නේ නැතුව කරගන්න bread board වලින් පුළුවන් එකක් 150ක් 200ක් වගේ වෙන්නේ ඒ නිසා ඒවා දෙකක් තුනක් අරගන්න...


  • Jumper Wires

අපේ පරිපථ සම්පූර්ණ කරන්නේ මේ වයර් වලින් එකේ වර්ග කිහිපයක් තියනවා ප්‍රධාන වශයෙන් දෙකක් වැදගත් වෙනව·

  •   Male to Male Jumper Wires
  • Male to Female Jumper Wires
මේ දෙකෙන්ම 40ක් ගානේ වගේ අරන් තියාගන්න. 40ක්ම රු 150ක් වගේ වෙන්නේ කොටුවේ නම්.


  • තව ඉතින් LED, Resistors වගේ ඒවා...
Resistors ගන්නවා නම් ඕම් 470 වගේ ගන්න... තව Servo Motors වගේ ඒවා ගැන මම පාඩම් අතර කියන්නම්...


ඔච්චරයී මුලිකවම Atmel Programming ඉගෙනගන්න ඕනි කරන්නේ... තව Softwares කිහිපයකුත් ඕනි වෙනවා.

  •  Atmel Studio 7 or 6
Atmel වලට අදාළ code ලියන්නේ මේකේ තමයි... අපි ලියන files චිප් එකේ save වෙන්නේ hex file එකක් විදියට... Atmel Studio වලින් අපිට hex file හදල දෙනවා.  තව දෙයක් Atmel වල යොදාගෙන තියෙන්නේ C කියන පරිගණක භාෂාව ඒ නිසා එක ගැන පොඩි දැනුමක් තියෙන්න ඕනි... ඒ අදාළ Compile වීම් එහෙම පාලනය කරන්නේ Atmel Studio වලින් තමයි...
එක මෙතනින් Download කරගන්න පුළුවන්...

  • WinAVR
මේකත් Download කරගෙන Install කරගන්න වෙනවා.
මෙතනින් Download කරගන්න...


  •  USBasp Drivers
USBasp එකට අලුත් windows වල drivers නෑ... ඒ නිසා අපිට manual drivers install කරන්න වෙනවා. ඒක ගැන මම ඊළඟ කොටසේදී කියල දෙන්නම්...
USBasp Drivers මෙතනින් අරගන්න...





එහෙනම් අදට එච්චරයි... මේ වැඩ ටික Ready කරගන්නකො... Atmel Programming වලට අපේ පරිගණකය කොහොමද සුදානම් කරගන්නේ කියල මම ඊළඟ පාඩමෙන් කියල දෙන්නම්...

ඔයාලට මේ ගැන මොනවහරි ප්‍රශ්නයක් තියනවා නම් අනිවා comment එකක් දාන්න.. වැඩේ හොදයිනම් ඒවත් කියන්න... 

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP