Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Sunday, June 7, 2015

How to buy Items on Ebay Correctly - How to Shopping @ Ebay Part 3

By DJ Niraj  |  9:35 AM 3 comments

ඔන්න එහෙනම් අදත් පොරොන්දු වුන විදියටම අලුත්ම දෙයක් අරගෙන ඔයාලට දෙන්නම අරගෙන ආවා. අද මම ඔයාලට දෙන්න හදන්නේ අපේ Ebay පාඩමේ තුන්වෙනි කොටස. මේක සමහරවිට අවසාන කොටසත් වෙන්න පුළුවන්. එත් මම හිතන් ඉන්නවා ඔයාල ඉල්ලපු භාණ්ඩයක් ගෙදරට නොආවොත් එකට මොකද කරන්නේ කියල කියාලා දෙන්නත්. එකට ටික කාලයක් යන නිසා මම මේ පාඩම අදින් ටිකකට නවත්තන්න හිතාගෙන ඉන්නවා. 

එහෙනම් අදම අපිත් එක්ක සම්බන්ධ වෙන අයට දැනගන්නත් එක්ක අපි කරපු දේවල් මුලින්ම මතක් කරලා ඉන්නම්. අපි ඉස්සෙල්ලම පාඩමෙන් Paypal ගිණුමක් හදාගන්න හැටි ගැන ඉගෙනගත්තා. ඒ වගේම Ebay කියන්නේ මොකක්ද එකෙන් කරන්නේ මොකක්ද කියන මුලික දේවල් ටිකත් දැනගත්තා. එක කියවන්න බැරිවුණා නම් පල්ලෙහායින් ගිහින් එකත් කියවන්නකෝ.


අපි ඊටපස්සේ දෙවෙනි පාඩමෙන් Paypal ගිණුමට Debit Card එකක් සම්බන්ධ කරලා නිවැරදිව Confirm කරගන්නේ කියලත් කිව්වා. ඒ වගේම අන්තිමට කිව්වා සල්ලි ටිකක් Account එකට දාලම තියාගන්න කියලා. ඒ කොටස කියවන්න බැරි වුනානම් එකත් කියවන්නකෝ.


ඔන්න එහෙනම් අපි අද පාඩම පටන් ගනිමු. අපි අද කරන්න හදන්නේ Ebay එකෙන් භාණ්ඩ මිලදීගන්න එක. එකට අපි ඉස්සෙල්ලම Ebay එකේ ගිණුමක් හදාගන්න ඕනි. එකට ඉස්සෙල්ලම www.ebay.com වලට යන්නකෝ. දැන් පල්ලෙහා තියන පින්තුරේ වගේ Home Page එකක් බලාගන්න පුළුවන්.

දැන් එකේ රතු පාට ඊතලයෙන් පෙන්නලා තියන තැන තියන Registar කියන එක ක්ලික් කරන්න. එතකොට මේ වගේ පිටුවක් එනවා.
මේකේ තියන Register කියන එක දැන් ක්ලික් කරන්න.
දැන් මේ එන පිටුවට ඉල්ලන තොරතුරු ටික දීලා Register ක්ලික් කරන්න. එතකොට ඔයාගේ ලිපිනය එහෙම අහන පිටුවක් එනවා එකට ඔයාගේ ඇත්තම තොරතුරු දෙන්න. ඒ දෙන ලිපිනයට තමයි එයාල අපි ගත්ත බඩු තැපැල් කරරන්නේ. ඒවා ඉතින් කරගන්න පුළුවන් නිසා මම වැඩිය එක විස්තර කරන්න යන්නේ නැ.

දැන් ආයිත් මුල් පිටුවට ගිහින් ඔයාගේ Ebay Account එකට ලොග් වෙන්න. 

දැන් ආයිත් මුල් පිටුවට ගිහින් එකේ Search Box එකේ ඔයා හොයන භාණ්ඩය Type කරන්න.

ඊටපස්සේ Enter ඔබන්න එතකොට ඔයා දීපු වචනයට අදාලව Ebay තුල තියන භාණ්ඩ වල ලැයිස්තුවක් ඔයාට බලාගන්න පුළුවන්. මේවා කොටස් දෙකකට බෙදෙනවා. ඒ Auction සහ Buy it now කියලා. අපිට Auction එච්චර වැඩක් වෙන්නේ නැති නිසා පල්ලෙහා තියන රූපේ වගේ Buy it now කියන එක ක්ලික් කරන්න.
දැන් ඒ ලිස්ට් එකේ ඔයාට කැමති දෙයක් තෝරාගන්න පුළුවන්. එහෙම තෝරාගන්න කොට හොදට බලන්න ඕනි දේවල් 5ක් විතර තියනවා. පලවෙනි එක තමයි මිල. එකම දේ විවිධ මිල ගණන් වලට තියන බව ඔයාලට පේනවා. ඒ නිසා ටිකක් හොදට හොයලා බලල තමයි තෝරාගන්න ඕනි.

තව දෙයක් තමයි උඩ රූපේ අංක 1න් පෙන්නලා තියන දේ. ගොඩක් වෙලාවට අපි භාණ්ඩයක් ගන්නකොට ඒක Top rated seller කෙනෙක්ගෙන් ගන්න පුළුවන් නම් වඩාත් හොදයි. තව එයාගේ බඩු වලට වැටිලා තියන Comments එහෙමත් බලන්න. එතකොට ඔයාට ඒ භාණ්ඩයේ ගුණාත්මක බව ගැන අදහසක් ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඒ භාණ්ඩයට Free Shipping තියනවද කියන එක.ඔය අංක 2න් පෙන්නලා තියෙන්නේ එක තමයි. අපි ඔය පොඩි දෙයක් ගන්නකොට එකට තව ඩොලර් ගානක Shipping Cost එකතු වුනාම එක Ebay එකෙන් ගන්නවට වඩා ලංකාවෙන්ම ගන්න එක ලාබ වෙන වෙලාවලුත් තියනවා. ඒනිසා පොඩි දේවල් ගෙන්නගන්නවා නම් Free Shipping තියනවද කියලත් බලන්න. තව ඉතින් ඔය 3 වෙනියට පෙන්නලා තියනවා වගේ ඒ භාණ්ඩයෙන් කීයක් විකුණලා තියනවද කියන එකත් පොඩ්ඩක් බලන්න.

දැන් මම ඔය පෙන්නලා තියන Bluetooth Headset එක ගන්නයි හදන්නේ. එකට ඔයා තෝරගත්ත භාණ්ඩේ උඩ ක්ලික් කරන්න. එතකොට ඒ භාණ්ඩේ ගැන ලොකු විස්තරයක් සහ මිලදී ගන්න අවශ්‍ය ප්‍රමාණය එහෙම තියන පිටුවක් එනවා.
මේකේ Delivery කියන තැන තියෙන්නේ ආසන්න වශයෙන් මේක අද ගත්තොත් මෙහෙට එන්න ගතවන කාලය. මේ පිටුවේ යටටම ගිහින් මේ භාණ්ඩය ගැන හොද විස්තරයක් වගේම පින්තුරත් බලාගන්න පුළුවන්. අපි මේක ගන්නනේ කොහොමත් හදන්නේ. ඒ නිසා ඔය අංක 1න් පෙන්නන තැනට ඔයා ගන්න බලාපොරොත්තු වෙන උපාංග ගාන දෙන්න මම ගන්නේ එකක් නිසා මම 1යි කියල දෙනවා. දැන් ඔය 2 කියල පෙන්නලා තියන Buy it Now කියන තැන ක්ලික් කරන්න. 
එතකොට මේ වගේ පිටුවක් එනවා.
මේකේ 1 කියන ඊතලය තියන තැනින් ඔයා Ebay Account එක හදද්දී දීපු ලිපිනය ඔයාගේ භාණ්ඩය තැපැල් කරන ලිපිනය විදියට පෙන්නනවා. එක නෙමෙයිනම් ඔයාගේ ලිපිනය අංක 2න් පෙන්නන තැනින් ගිහින් වෙන ලිපිනයක් දෙන්නත් පුළුවන්.
ඒ ඔක්කොම හරි නම් දැන් 3න් පෙන්නන Continue කියන තැන ක්ලික් කරන්න.

එතකොට ඔයාව එතනින් Paypal වෙත යොමු කරනවා. මෙතන රතු පාටින් පෙන්නන කොටුවේ ඔයාගේ Paypal ගිණුමේ Email එකයි Password එකයි දීල ලොග් වෙන්න.
දැන් මෙහෙම පිටුවක් එනවා.
මෙතනින් ඔයාලගේ තොරතුරු හරිනම් ඒ කියන්නේ ඔය 1 කියල පෙන්නන තැන තියන ලිපිනය එහෙම හරිනම් Confirm & Pay කියන බට්න් එක ක්ලික් කරන්න. 
ටික වෙලාවකට පස්සේ ඔයාගේ Transaction එක හරියට වුනානම් පල්ලෙහා තියනවා වගේ පිටුවක් එනවා.
එහෙනම් කස්ටියටම වැඩේ තේරෙන්න ඇති කියල මම හිතනවා.
භාණ්ඩේ ආපුවම මම වෙන පොස්ටුවකදී හරි ඔයාලට බලන්න පින්තුරයක් දාන්නම්කො. ඔයා Order කරපු හා ගෙන්නපු බඩු ගැන විස්තර බලන්න ඕනිනම් ඔයාට මුල් පිටුවේ තියන My Ebay වලින් බලාගන්න පුළුවන්. 
අම්මෝ දිග පොස්ටුවක් කොටලා දැන් හරිම අමාරුයි, මම අදට ගිහින් එන්නම්. එතකන් Ebay එකෙන් ඇති තරම බඩු ගෙන්නන්නකෝ. 

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

3 comments:

  1. Ela Ela , Hodata Liyala thiyenawa !! :D

    ReplyDelete
    Replies
    1. තැන්කියු වේවා...

      Delete
  2. Niyamai bro.... thankzzxx... gdk watina post ekak.. jayawewa...

    ReplyDelete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP