Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Sunday, May 17, 2015

Lets Connect Debit Card to Paypal - How to Shopping @ Ebay Part 2

By DJ Niraj  |  8:30 AM 4 comments

ඔන්න මම අදත් කිව්වා වගේම අර කලින් කිව්වා වගේම Ebay එකේ ෂොපින් යන හැටි කියලා දෙන්න උදේම ආවා. මේ පාඩමේ කලින් කොටසින් මම Paypal ගිණුමක් හදාගන්න හැටි ඔයාලට කියලා දුන්නා.



 ඒ කොටසත් පොඩ්ඩක් කියවලා ඉන්නකෝ. මම එකේ අන්තිමට කිව්වා, බැංකු තුනක්.. ඒ එකකින් ගිණුමක් හදාගෙන ඩෙබිට් කාඩ් එකකුත් ගන්න කියලා මම කිව්වා. ඒ වගේම පුළුවන් නම් අන්තර්ජාල බැංකු පහසුකම සුද්ද සිංහලෙන්ම කියනවා නම් Online Banking Facility එක ගන්න කියල මම කිව්වා. ඒක අපිට ලේසියි. මමනම් පාවිච්චි කරන්නෙම Commercial Bank කාඩ් එක තමයි. ඔයාලට නිදහස තියනවා ඉතින් ඕනිම එකක් ගන්න.

හරි අපි වැඩේට බහිමුකො දැන්. 

ඉස්සෙල්ලාම කලින් හදාගත්ත Paypal ගිණුමේ Email, Password දීලා Account එකට ලොග් වෙන්නකෝ.(දෙයක් කියන්න ඕනි Paypal Password ගැන. මේ Paypal එකට ඔයාගේ Debit Card එක දුන්නම ඔයා හරියට Password පරිස්සම් කරගත්තේ නැත්තම් ඕනි කෙනෙක්ට ඔයාගේ අවසරයක් නැතුවම වුනත් ඔයාගේ ගිණුමෙන් සල්ලි අදින්න පුළුවන්. එක නිසා ඔයා එක එක ඒවාට දානවා වගේ නමේ කෑල්ලක් හරි, ෆෝන් නම්බරේ හරි, උපන්දිනේ හරි වගේ මෝඩ විදියේ පාස්වර්ඩ් ගහන්නේ නැතුව ටිකක් විතර Guess කරන්න බැරි පාස්වර්ඩ් එකක් දාගන්න.)

දැන් එකේ ඉස්සෙල්ලම එන පිටුවේ Profile වල තියනවා. Add/Edit Credit Card කියලා එකක්.(පහල පින්තුරය බලන්න.)



හරි දැන් එතන ක්ලික් කරන්න.
එතකොට ඔයාට මේ වගේ ෆෝම් එකක් බලාගන්න පුළුවන්.




එකේ Card Type කියන ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් ඔයාගේ කාඩ් එකේ වර්ගය VISAද නැත්නම් Mastercardද නැත්නම් වෙන මොකක්හරිද කියලා තෝරලා දෙන්න ඕනි. 


එකට අවශ්‍ය තොරතුරු ඉතින් මම කියන්න ඕනි නැ. ඩෙබිට් කාඩ් එක දිහා බැලුවම ඕනි කෙනෙක්ට ඒක කියන්න පුළුවන් නේ.

(ෆොටෝ එක පෙන්නේ නැත්නම් එක උඩ ක්ලික් කරලා බලන්න)

හරි දැන් එහෙම තෙරුවාම මේ ෆෝම් එක පල්ලෙහා විදියට වෙනස් වෙනවා. මම ඔන්න දෙන්න හදන්නේ VISA කියලා.







මේ ෆොටෝ එකත් පැහැදිලි නැත්නම් ඒක උඩ ක්ලික් කරලා බලන්න.


දැන් ඔයාගේ කාඩ් එක අරගන්න. එකේ ඉස්සරහා ගහලා තියනවා නේද ඉලක්කම් 16ක අංකයක්. VISA වලනම් 4න් පටන් ගන්න අංකයක් තියෙන්නේ හරියට 4216 XXXX XXXX XXXX වගේ.. ඒ වගේම Master Card වලනම් 5න් පටන් ගන්න අංකයක් තියනවා ඉලක්කම් 16ක හරියට 5300 XXXX XXXX XXXX වගේ.


අන්න ඒ අංකය හරියටම ඔය පින්තුරේ 1 කියලා පෙන්නලා තියන Card Number කියන තැනට දෙන්න.


Card එකේ හිස්තැන් තියලා තිබුනට ඔයා ඒවා තියන්න ඕනි නැ එක දිගට ගහගෙන යන්න.






දැන් ඔය රවුම් කරලා තියනවා නේද Expiration Date කියලා එකක්. ඒකට ඔයාගේ කාඩ් එක අරගෙන බලන්න කාඩ් එක ඉස්සරහා පල්ලෙහා පින්තුරේ රතු පාටින් පෙන්නලා තියනවා වගේ දිනයක් තියනවා. මගේ කාඩ් එකේනම් එකට ඉස්සරහින් ගහල තියනවා.Valid Thru කියලත්.



අන්න ඒ දිනය Expiration Date කියන තැනට දෙන්න.

දැන් ඔය 2 කියලා තියන තැනට Card Verification Number කියලා එකක් ඉල්ලනවා නේද? එකට ඔයාගේ කාඩ් එකේ අනිත් පැත්තේ කලුපාට තීරුවට යටින් පුංචි අංක තුනක් තියනවා. (පහල රූපය බලන්න.)



අන්න ඒ අංකය දීලා පල්ලෙහාම තියන Add Card කියන එක ක්ලික් කරන්න.
ඔයාගේ කාඩ් එක ඇඩ් කරන්න පුළුවන් නම් මෙහෙම Page එකක් ඔයාට බලාගන්න පුළුවන්.


දැන් අපි හදන්නේ අපේ Paypal ගිණුමට ඇතුලත් කරපු කාඩ් එක Verify කරගන්න. මේක ටිකක් ලොකු ගනුදෙනු කරද්දී අවශ්‍යම වෙන දෙයක්, තව මෙහෙම Verify නොකරොත් ටික කාලයක් යනකොට ඔයාගේ කාඩ් එක Paypal වලින් ban කරන්න ඉඩ තියනවා. ඒ නිසා කෝකටත් කියලා මෙහෙම කරගෙන ඉන්න එක ඇඟට ගුණයි.

හරි දැන් ඔයාගේ Profile tab එකේ Add/Edit Credits Card වලට යන්න. එතකොට පල්ලෙහා රුපයේ වගේ පිටුවක් එනවනේ.


ඒකෙ පෙන්නලා තියන Confirm My Card කියන තැන ක්ලික් කරන්න. ඊළඟට එන පිටුවේ Continue කියන එක දෙන්න.

දැන් ඔයාගේ කාඩ් එකෙන් එයාලා $1.99කට ආසන්න මුදලක් කපාගන්නවා. ඒ කියන්නේ රු. 270ක් විතර. ඒ ගනුදෙනුව පිලිබඳ විස්තර ඔයාගේ බැංකු ගිණුමට යන්නේ Remark එකක් එක්ක. ඔයාලට ඒ Remark එක බැංකුවෙන් අහල දැනගන්න වෙනවා. මම නම් Online Banking අරගත්ත නිසා. මට ඒ විස්තර ගෙදර ඉදන්ම බලාගන්න පුළුවන්. 


මම දැන් මේ කියල දෙන්න හදන්නේ ඒ විස්තරෙත් එක්ක යන ඉලක්කම් 4ක PIN එක ගන්නේ කොහොමද කියලා කියල දෙන්න. මං කිව්වනේ Online Banking නැති අය ඒ Remark එක බැන්කුවෙන්ම අහගන්න. මම පාවිච්චි කරන්නේ Commercial Bank Card එකක් නිසා මෙහෙමයි එකේ Online Banking වල Code එක බලාගන්නේ. ඉස්සෙල්ලම ඔයාට ඒ Online Banking වල History වලට යන්න වෙනවා. එතකොට මේ පල්ලෙහා රූපේ වගේ ඔයාගේ අදාළ දින වලට සිදුවෙච්ච සියලුම Transaction ටික පෙන්නනවා. මේ රූපේ ටික කාලෙකට කලින් ගත්ත එකක් නිසයි Paypal එකෙන් අයවෙච්ච ගාන රු 250ක් වගේ පෙන්නන්නේ. දැන් නම් රු 270ක් විතර වෙනවා ඒ ගාන.

ඒ රු 257.89ක් කියලා තියන එකට ඉස්සරහින් වචන ටිකක් තියනවා නේද? අන්න ඒක තමයි අපිට ඕනි කරන Remark එක. එකෙනුත් ඔය PP* වලට පස්සේ තියන ඉලක්කම් 4 තමයි ඕනි කරන්නේ. ඒක කොහෙහරි ලියලා තියාගන්න. 

දැන් ඊළඟ පිටුවෙන් එන හිස්තැනට අර අපි ලියාගත්ත ඉලක්කම් 4 දීලා Confirm කරන්න. දැන් වැඩේ ඉවරයි. ඔන්න Paypal එක ඔයාගෙන් ගත්ත $1.99ත් ආපහු පැය 24කදි ඔයාට ලැබෙන්න සලස්වනවා. ඔන්නා ඔහොමයි ඒ වැඩෙත් කරන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. අපි ඊළඟ පොස්ටුවෙන් බලමු කොහොමද ෂොපින් යන්න පටන් ගන්නේ කියලා. ඔයාගේ Bank Account එකට කීයක් හරි Deposit කරලම තියාගන්නකෝ. මොකක් හරි ප්‍රශ්නයක් එහෙම තියනව නම් අනිවා අහන්න. මම දැන් ගිහින් එන්නම්.


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

4 comments:

  1. machan oya Commercial debit card akata ganak kepenawada

    ReplyDelete
    Replies
    1. ow issellama matanam card eka gannakota Rs 400k kapagaththa

      Delete
  2. mcn Commercial debit akata ganak kepenawada

    ReplyDelete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP