Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Top News!
Topics :

Saturday, May 9, 2015

How to Create a Paypal Account? - How to Shopping @ Ebay - Part 1

By DJ Niraj  |  8:11 PM 4 comments



හප්පේ ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ අදත් ආව ඔයාලට අලුත්ම දෙයක් කියල දීල යන්න. මම මේ ගැන පොස්ටුවක් අරගෙන එන්න හිතුවේ Facebook හරහා ගොඩක් ගෘප් වල මේ ගැන අහල තිබුන නිසාමයි. 

Ebay ගැන කතාකරනවා නම් එක අන්තර්ජාල වෙළදාම පිලිබඳ ප්‍රමුඛම වෙළද ආයතනයක්. යුරෝපා සංගමය මගින් නිත්‍යානුකුල වෙළද බලතල ලබා දුන්න ප්‍රථම අන්තර්ජාල වෙළද ආයතනය ලෙස Ebay හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා සිදුවන සියලුම ගනුදෙනු පිලිබදව වගකීමක් සහිත එකම අන්තර්ජාල වෙළද ආයතනය ලෙස Ebay හඳුන්වල දෙන්න පුළුවන්. Ebay වලින් ෂොපින් කරන්න කලින් අපිට Online Cash Wallet එකක් අවශ්‍ය වෙනවා. Paypal එන්නේ ඒ නිසා තමයි. ඇත්තටම Paypal බිහිවුනේ මේ Ebay හරහා සිදුවන ගනුදෙනු ආරක්ෂාකාරීව සහ කාර්යක්ෂමව සිදු කිරීමටයි. Ebay හරහා අපිට අපේ Debit හා Credit කාඩ් මගින් වුවත් ගනුදෙනු කරන්න පුළුවන්. ඒවා සිදුවන්නේ Paypal හරහාම තමයි.


Ebay ගනුදෙනු සදහා Paypal භාවිත කිරීමේ වාසි.


  • ආරක්ෂාකාරීව ගනුදෙනු කටයුතු කරගත හැකිවීම.
  • භාණ්ඩ නොලැබුණු විට ඒවායේ මුදල් ආපසු ලබාගැනීමේදී Paypal ගිණුමක් තිබීම අත්‍යාවශ්‍ය වීම.
  • ඔබගේ Credit කාඩ් දත්ත පිටවීම වැළකීම.
  • ඕනෑම ස්ථානයකදී පාවිච්චියේ පහසුව
එහෙනම් අපි දැන් බලමු නිවැරදිව Paypal ගිණුමක් හදාගන්නේ කොහොමද කියලා.

ඉස්සෙල්ලාම www.paypal.com වෙබ් අඩවියට පිවිසිය යුතුයි.



මෙහි ඉහලින්ම ඇති Signup ක්ලික් කරන්න.
දැන් මෙතන එන Page එකේ Personal යටතේ තියන Get Started කියන එක ක්ලික් කරන්න.






 දැන් ලැබෙන Registration Form එකේ ඉල්ලන තොරතුරු නිවැරදිවම ලබා දෙන්න. අනිවා සත්‍ය තොරතුරු ලබාදෙන්න.







මෙහි යටින්ම තිබෙන Agree and Create Account යන්න ක්ලික් කිරීම මගින් ඉදිරියට යා හැකියි.

මෙහිදී නිවැරදි තොරතුරුම ලබා දීම ගොඩාක් වැදගත් වෙනවා. බැරිවෙලාවත් ඔයාගේ Paypal ගිණුම හැක් වුනොත් ඔයාගේ ගිණුම ආයිත් ලබාගන්න නම් ඔයාට ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරන්න වෙනවා. එතැනදී එක වැදගත් වෙනවා. තව ඔයාගේ අතින් වෙච්ච වැරද්දක් නිසා එයාල Account එක Block කෙරුවොත් එක හදාගන්නත්  වැදගත් වෙන්නේ ඔයාගේ අනන්‍යතාවය. ඒ නිසා ගොඩක්ම ඇත්ත තොරතුරු දෙන එක වඩා හොදයි. සල්ලිත් එක්ක කරන වැඩනේ කොහොමත්.




දැන් ඔයාට ඔයා ඇතුලත් කරපු Email එකට Confirmation message එකක් එවලා ඇති. එකෙන් ඔයාට ගිණුම සක්‍රීය කරගන්න පුළුවන්. ඊටපස්සේ ඔයාට මෙන්න මේ වගේ Page එකක් බලාගන්න පුළුවන්.


ඔන්න දැන් අපේ මුලික වැඩේ ඉවරයි. පොස්ට් එකක් දිග වැඩි නිසා මං අදට නවතින්නම්. එත් ඉතුරු ටිකට අවශ්‍ය නිසා මේක කියන්න ඕනි. දැන් අපිට අන්ජ්තර්ජාතික ගනුදෙනු කරන්න පුළුවන් බැංකු ගිණුමක් හා Debit හෝ Credit කාඩ් පතක් අවශ්‍ය වෙනවා. මම දන්නා විදියට නම් ලංකාවේ මේ සදහා සාර්ථක දායකත්වයක් දක්වන බැංකු 3ක් තියනවා.





  • Commercial Bank
  • Hatton National Bank
  • Sampath Bank
ඒ නිසා ඔයාලට මේ බැංකු 3න් එකක ගිණුමක් හදාගෙන Debit Card එකක් ගන්න වෙනවා. පුළුවන් නම් ඒ ගමන්ම Online Banking සේවාවත් ගන්නවා නම් හොදයි. මම නම් අනුමත කරන්නේ Commercial Bank තමයි. මොකද සපයන සේවාවන් ගොඩාක් හොදයි. Commercial නම් Online Banking වල Registration Fee විදියට රු 500ක් සහ වාර්ෂිකව රු 500ක අයවීමක් වෙනවා.

එහෙනම් අදට ඔච්චරයි. ඊළඟ පොස්ටුවෙන් මම අපි හදාගත්ත Debit Card එක කොහොමද Paypal එක්ක සම්බන්ධ කරන්නේ කියලා කියලා දෙනවා. එහෙනම් මම ගිහින් ඉක්මනටම එන්නම්. එතකන් කට්ටිය Paypal එකවුන්ට් එකයි, බෑන්ක් එකවුන්ට් එකයි හදාගන්නකෝ. 




Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

4 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP