Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Saturday, November 1, 2014

Airel Internet Packages for a Bullet Speed Efficient Internet Connection!

By DJ Niraj  |  7:48 AM 8 comments

සල්ලි කන්නේ නැති වෙඩි වගේ Intrnet සම්බන්ධයකට Airtel Internet පැකේජ

ඔන්න ටික දවසක නිවාඩුවකට පස්සේ ඔන්න අද මම අලුත්ම පොස්ටුවක් අරගෙන ආවා. මම කලින් ඔයාලට Hutch වල Internet පැකේජ ගැන විස්තර අරගෙන ආවා මතක ඇති. මතක නැත්නම් එක මෙතනින් ගිහින් බලන්නකෝ.



ඔන්න මම අද අරගෙන ආවේ Airtel වල Internet පැකේජ ගැන තමයි. ඔයාල දැකල තියනවා ඇති අර TV එකේ යනවා නියම Ad එකක් අර සාරංග එහෙම ඉන්නේ එකේ අර කෙල්ලෙක් ඉන්න එක තමයි මරු. පොඩ්ඩක් බලලා ඉන්නකෝ.



මේක බලලා වැරදි Idea එකක් නම් ගන්න එපා හොදේ. හරි හරි ඒවා දැන් ඉවරයි. දැන් අපි බලමු Airtelලා අලුතින්ම හදුන්වලා දීපු පැකේජ් මොනවද කියලා. මේ ඕනිම රු 10ට වැඩි පැකේජයක් කෙලින්ම ඒ ගාන reload කරලා හරි නැත්නම් *155# හරහා ගිහින් හරි ක්‍රියාත්මක කරගන්න පුළුවන්.

එයාලගේ පැකේජ ප්‍රධාන කොටස් 3කට බෙදලා තියනවා. අපි එකෙන් එක බලමුකෝ.

Normal Internet Packages

  • රු 15 ට 20MB සහ A-A Free SMS 100ක් දින 7 කට
  • රු 21 ට 80MB සහ A-A Free SMS 21ක් දින 3 කට
  • රු 29 කට 100MB + 50MB(Night) සහ A-A Free SMS 10ක් දින 3 කට
  • රු 45 කට 200MB + A-A Free SMS 20ක් දින 5 කට
  • රු 78 කට 450MB + A-A Free SMS 30ක් දින 14 කට
  • රු 95 කට 550MB + A-A Free SMS 100ක් + රු 20ක A-A Talk time දින 21ක්
  • රු 149 කට 550MB + 250MB(Night) + A-A Free SMS 50ක් දින 21 කට
  • රු 190 කට 1GB දින 21 කට
  • රු 265කට 1536MB + A-A Free SMS 20 ක් සහ කතා කාලයක් දින 30 කට
  • රු 299 කට 1741MB + A-A Free SMS 10ක් දින 30 කට
  • රු 470 කට 2200MB + A-A Free SMS 100ක් දින 30 කට
  • රු 699 කට 5632MB + A-A Free SMS 50ක් දින 30 කට 
  • රු 799 කට 6656MB + A-A Free SMS 50ක් දින 30 කට
  • රු 999 කට 8704MB + A-A Free SMS 50ක් දින 45 කට
Auto Renewal Packs


මේ ක්‍රමය  හරහා ඔයාලට දිනපතාම නැවත නැවතත් ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වන පැකේජයන් සක්‍රීය කරගන්න පුළුවන්. එකෙත් විවිධ ගාස්තු රටාවන් සදහා පැකේජයන් හදුන්වාදී තිබෙනවා.


  • රු 5 කට 30MB
  • රු 12 කට 80MB
  • රු 45 කට 200MB
  • රු 78 කට 450MB
  • රු 149 කට 750MB
Night Plans

මේකත් අර හරියට Hutch එකේ Ghost Package එක වගේම තමයි. මේකෙන් ඔයාලට උදේ 1 සිට උදේ 7 වෙනකන් අඩු ගානට වැඩියෙන් බාන්න පුළුවන්. එකෙත් විවිධ පැකේජ කිහිපයක් හදුන්වා දී තිබෙනවා.


  • රු 121 කට 2GB දින 10 කට
  • රු 285 කට 5GB දින 30 කට
  • රු 570 කට 10GB දින 30 කට 

ඔන්න ඔහොම තමයි Airtel වල Internet Package විස්තර. කැමති විදියට කැමති පැකේජ් එකක් තෝරාගන්න වැඩේ ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. මෙයාලගේ අන්තර්ජාල වේගය සැලකිය යුතු ඉහල මට්ටමක තියෙනවා. ඒ වුනත් ජාලය එතරම් පුළුල් නොවීම නම් ලොකු ගැටළුවක්. 


එහෙනම් මම දැන් යන්නයි හදන්නේ.මේ පොස්ටුව ගැන ඔයාලගේ අදහස් මට කමෙන්ට් එකක් දාලා කියන්න. පැකේජ් ගැනනම් ඉතින් මට කියලා වැඩක් නැ. එක Airtelලා එක්ක බලාගන්න.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

8 comments:

  1. මට මාසෙකට ආසන්න වශයෙන් 50 GB විතර ඩවුන්ලෝඩ් කරන්න වෙනවා. ඒ සඳහා එකම විසඳුම ශ්‍රී ලංකා ටෙලිකොම් පැකේජස්. වෙන කිසිම සමාගමකින් ඒ විදිහට පහසුකම් දෙන්නේ නැහැ.

    මේ ලිපියක් නොව වෙළඳ දැන්වීමක් නිසා මමත් වෙළඳ දැන්වීමකින් උත්තර දුන්නා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම කියන්න ඕනි මේ පොස්ටුවට මට Airtel එකෙන්වත් වෙන කිසිම කොම්පනියකින්වත් සතයක්වත් හම්බවෙන්නේ නැ. මේක දාන්නේ හැමෝටම දැනගන්න. මම Airtel විතරක් නෙමෙයි අනිත් ඒවා ගැනත් පොස්ටු දානවා. විශේෂයෙන්ම මේ දෙක ගැන දැම්මේ මම පාවිච්චි කරන්නෙත් මේ 2ක නිසාමයි. කොහොම වුනත් අදහසට ස්තුතියි.

      Delete
    2. @AnonymousNovember 1, 2014 at 8:04 AM

      මම දන්න කෙනෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් ඉන්ටර්නෙට් වලින් මාසෙට 50GB ඩේටා ඩවුන්ලෝඩ් කරලා මලා අනේ. මට මර දුකයි.

      Delete
    3. එකනේ බන්... අපි වගේ අතල් එකේ නෝමල් එකේ download කරානම් එහෙම වෙන්නේ නැනේ.....

      Delete
  2. අන්තර්ජාලය පාවිච්චි කරන අයට ඒ සදහා යන වියදම අවම කරගන්න විවිධ ක්‍රම හදුන්වාදීම අපි අගය කරන්නෙමු. එම සේවා සපයන ආයතන ලබා දෙන විස්තර පැටලිලි සහගත වීම, භාෂා ප්‍රශ්න ආදිය නිසා බොහෝ දෙන මේවා නොදනිති. මෙවැනි පොස්ට් මගින් කරන හෙළිකිරීම් එවැනි අයට බොහෝ සෙයින් වැදගත් වේ. කුමන ආයතනයක සේවාවක් වුවද හදුන්වාදීම එම ආයතනයට කරන වාසියකට වඩා අන්තර්ජාලය භාවිත කරන අයට සේවයක් ලෙසින් අපි සලකන්නෙමු.

    ඔබට ජයෙන් ජය.

    විකසිත සින්ඩිය.

    ReplyDelete
    Replies
    1. මේ පොස්ටුව ගැන ඔබගේ අදහස මම අගය කරනවා. මට එහෙම මේ පොස්ටුවලට ගෙවනවා නම් මෙහෙම ad දදා චාටර් වෙන්නේ නැනේ. මේ හැමදෙයක්ම කරන්නේ බ්ලොග් කියවන ඔයාලා කාගේවත් රැවටීමකට අහුවෙන්න නැතිවෙන්න. අන්තිමට මේ හැමදේකින්ම අපිට ඉතුරු වෙන්නේ කමෙන්ට් එකකින් ඔයාල දෙන අදහස් කියවලා හරි stats වල මේ පොස්ටුව කියවපු ගාන දැක්කම හිතට දැනෙන සතුට විතරයි. බ්ලොග් ලියන අපිට ඒක රුපියල් සත වලට වැඩිය ගොඩාක් වටිනවා.

      Delete
  3. Replies
    1. බොහොම ස්තුතියි.

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP