Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Thursday, October 2, 2014

Unlimited Internet with Hutch Internet Connection (Updated!)

By DJ Niraj  |  8:35 PM No comments

Hutch සමග ඇතිතරම් Internet යන්න අලුත්ම Internet Packages... (Updated!)

ඔන්න මම අදත් අලුත්ම දෙයක් අරගෙන ඔයාලා බලන්න ආවා. මම මේ අලුත් දෙයක් කිව්වට මගෙත් එක්ක ගොඩක් කාලයක් හිටපු අයනම් කියයි මේක කොහොමද අලුත් දෙයක් වෙන්නේ කියලා. ඔව් මම මේ ගැන කලිනුත් පොස්ටුවක් දැම්මා. එත් ඉතින් ඒ තොරතුරු වෙනස් වුනාට පස්සේ මම ඒ පොස්ටුව Delete කරලා දාලා ඒ අලුතින් විස්තර ටික දෙන්න හිතුවා. 
ඔන්න ඉතින් මම දැන් අලුත්ම තොරතුරු ටික ඔයාලට අරගෙන ආවා. එහෙනම් අපි පටන්ගමුකෝ.


එයාලගේ Internet Package ප්‍රධාන කොටස් 8කට වෙන්කරලා තියනවා. අපිත් ඒ විදියටම මේක බලාගමුකෝ. මේ ඕනිම පැකේජයක් #131# හරහා ගිහින් හරි රු.50ට වැඩි පැකේජ ඍජුවම එම අගය Reload කිරීම මගින් හරි සක්‍රීය කරගන්න පුළුවන්.

1. Always Internet Packages

මේ පැකේජ් එකෙන් ඔයාලට අමුතුම වාසියක් සලසලා දෙනවා. මේ අනුව දවසකට අයවන රුපියලක ගාස්තුවකට මධ්‍යම රාත්‍රී 12 සිට සවස 6 දක්වා 1MBක් ශත 13 කටත් සවස 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා 1MBක් ශත 25 කටත් ලබාගන්න පුළුවන්.

2. Pocket Internet Package


  • Rs 3 කට 20MB එක් දිනකට
  • Rs 14කට 90MB දින 3කට
  • Rs 29කට 130MB දින 3 කට
  • Rs 39කට 220MB දින 7 කට
  • Rs 89කට 500MB දින 15 කට

3. Mega Internet Packages



  • Rs 649 කට 5GB දින 30 කට
  • Rs 1690 කට 15GB + 30GB ( උදෑසන 2 සිට උදෑසන 6 දක්වා)
4. Value Internet Packages


  • Rs 198 කට 1GB සහ H-H නොමිලේ SMS 10ක් දින 30කට
  • Rs 398 කට 2.5GB සහ රු 25ක් කතාකාලයක් දින 45 කට
  • Rs 195 කට 500MB + H-H නොමිලේ SMS 100ක් සහ Rs 100ක කතකාලයක් දින 30 කට
5. Day/Night Internet Packages

මේ හරහා දවල් කාලයේ (D) පැය 24ම සහ රාත්‍රී 12සිට උදෑසන 9 දක්වා (N) වෙනම අයකිරීම් සිදුකරනවා.
  • Rs 6 කට 30MB(D) + 40MB(N) දින 2 කට 
  • Rs 18 කට 100MB(D) + 150MB(N) දින 4 කට 
  • Rs 99 කට 600MB(D) + 400MB(N) දින 14 කට
  • Rs 290 කට 1.5GB(D) + 3GB(N) දින 30 කට
  • Rs 490 කට 3GB(D) + 6GB(N) දින 45 කට 
6. Social Media Packages


මේ හරහා Facebook, Twitter සහ Linkedin යන සමාජ ජාල වලට පහසුවෙන් පිවිසෙන්න පුළුවන්.
  • Rs 15 කට 100MB එක් දිනකට
  • Rs 42 කට 300MB දින 3 කට
  • Rs 59 කට 500MB දින 7 කට
  • Rs 119 කට 1GB දින 30 කට 
7. Ghost Internet Packages

මේ හරහා ඔබට උදෑසන 2 සිට උදෑසන 6 දක්වා ඇතිතරම් Download කරන්න පුළුවන්. 
  • Rs 45 කට 1GB දින 3 කට
  • Rs 75 කට 2GB දින 7 කට
  • Rs 175 කට 5GB දින 15 කට
8. 2G Internet Packages

මෙම පැකේජ ක්‍රමය හරහා ඔබට 100kbps ප්‍රවේශන වේගයක් යටතේ ඇතිතරම් අන්තර්ජාලයේ සැරිසරන්න පුළුවන්. ඒ කියන්නේ Unlimited Internet කියන එක.

  • Rs 49 කට දින 30ක්
  • Rs 149 කට Rs 100ක කතා කාලයක් සමග දින 30 කට( මේකනම් මහා මෝඩ පැකේජ් එකක්)
දැන් ඔයාලා දැනගත්තානේ අලුත්ම පැකේජ ගැන. මේ විස්තර තව දුරටත් hutch.lk වෙබ් අඩවියෙන් දැනගන්න පුළුවන්.

මම එහෙනම් දැන් යන්න හදන්නේ.පොස්ටුව ගැන ඔයාලට හිතෙන දේ මට Comment එකක් දාල කියන්න. ඔයාලගේ අදහස් මට රත්තරන් වලටත් වැඩිය වටිනවා. එහෙනම් මම ගිහින් එන්නම්.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP