Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Wednesday, October 22, 2014

Type Sinhala without any Problem. - Google Input tools for Sinhala

By DJ Niraj  |  1:42 PM 2 comments

අවුලක් නැතුව පහසුවෙන්ම සිංහලෙන් Type කරන්න. - Google Input tools for Sinhala


අදත් ඔන්න මම අලුත්ම පොස්ටුවක් අරගෙන ආවා ඔයාලට දීලා යන්න. මම කලින් පොස්ටුවකත් ඔයාලට කිව්වා ඔයාලා ගාව ඔයාලා හදපු සොෆ්ට්වෙයාර් සහ ගේම්ස් තියනවා නම් මට එවන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් පල්ලෙහා තියන ලින්ක් එකෙන් ගිහින් ඔයාලගේ ඒ නිර්මාණ මට එවන්න.



එහෙම එවන ඔයාලගේ නිර්මාණ වලට පුළුවන් තරම් ප්‍රචාරයක් අරන්දෙන්න මම උත්සහා කරනවා.ඔයාලා නිර්මාණය එවනකොට ඔයාලගේ නම ඊමේල් ලිපිනය එහෙමත් එවන්න. තව පොඩි විස්තරයක් සහා ඔයාගේ වෙබ් අඩවියක් තියනවා නම් එකත් එවන්න අමතක කරන්න එපා.


තව දෙයක් තියනවා. මම මේ බ්ලොග් එකේ පලවෙච්ච හා ජනප්‍රිය වෙච්ච ලිපි නැවත ඉංග්‍රීසියෙන් ලියන්න අලුත් බ්ලොග් එකක් පටන්ගත්තා. එකටත් ගිහින් බලන්නකෝ.


හරි හරි වල පල් කියවලා ඉවරයි. අපි දැන් අද ආපු වැඩේට බහිමුකො. මම මේ පොස්ටුව දාන්න හිතුවේ මේ ලඟදි මගේ යාලුවෙක් Facebook එකේ සිංහලෙන් Type කරලා තියනවා දැකලා කොහොමද එහෙම ටයිප් කෙරුවේ කියලා අහපු නිසා. මම මේ කියන්න යන දේ සමහරුන්ට නම් අමුතු දෙයක් වෙන්න නැතුව ඇති. එත් නොදන්නා අයත් ඉන්න නිසා තමයි මේක ගැන ලියන්න හිතුවේ. 

සිංහල ටයිප් කරන්න ගොඩාක් සොෆ්ට්වෙයාර් තියනවා. පැන්සල, Ez sinhalese input ඒ වගේ මෘදුකාංග. පැන්සල මෘදුකාංගය මගින් අර Office වල වගේ තමයි ටයිප් කරන්න ඕනි. එත් මට එක පාවිච්චි කරපු කාලේ ගොඩක් අවුල් ගියා. එපා වෙනවා. ඇස් 2ක පියාගෙන SMS ටයිප් කරන අපිට සිංහලත් ඒ වගේ ටයිප් කරන්න පුළුවන් නම් ආයේ මොනවද එකනේ ලේසිම ක්‍රමේ. ඉතින් එතකොට තමයි මට මම මේ අද අරගෙන ආපු සොෆ්ට්වෙයාර් කෑල්ල හම්බවුනේ. මේකට කියන්නේ Google Input Tool කියලා, මේක සිංහල වගේම දමිළ වගේ ගොඩාක් භාෂා වලින් ලබාගන්න පුළුවන්. ඒ වගේම Google ලා දෙන ඉතාම විශ්වාසවන්ත වැඩසටහනක් කිව්වොත් හරි.

මේකෙම Chrome වලට දෙන Addon එකක් තියනවා. අප්පෝ ඒ මගුලනම් දාගන්න එපා. කෙලින්ම මේකම Install කරගන්න. මේකෙන් ඕනිම වෙබ් බ්‍රව්සරයක් හරහා ඕනිම වෙබ් අඩවියක සිංහල භාෂාවෙන් පහසුවෙන් SMS ටයිප් කරනවා වගේ ටයිප් කරන්න පුළුවන්. 

උදාහරණය විදියට ඔයාට අම්මා කියලා ටයිප් කරන්න ඕනිනම් ammaa කියලා keyboard එකෙන් ටයිප් කෙරුවම හරි. මේක වෙබ් බ්‍රව්සර වල විතරක් නෙමෙයි, CS3 වලින් පස්සේ ආපු සියලුම Adobe CS මෘදුකාංග වල වගේම Office 2003 වලින් පස්සේ ආපු සියලුම Office සංස්කරණ වලට සහය දක්වනවා. ඒ වගේම XP සිට පසුවට සියලුම Windows සංස්කරණ සදහාද උපරිම සහය දක්වනවා. Folder rename කරන්න පවා මේක යොදාගන්න පුළුවන්.

ඒ වගේම Install කරන්නත් හරිම ලේසියි. Download කරලා run කෙරුවාම Internet එකට Connect වෙලා නිකන්ම Install වෙනවා. ඊටපස්සේ පාවිච්චි කරන්න Internet ඔනිවෙන්නේ නැ.

ඔයාලට ඕනිම වෙලාවක මේ පල්ලෙහා වගේ.
 Taskbar එකේ අයිනේම තියන පුංචි බට්න් එක ක්ලික් කරලා SI යන්න තේරීමෙන් මේක ක්‍රියාත්මක කරගන්න පහසුවෙන් පුළුවන්. ඔයාලට මේක ක්‍රියාවිරහිත කරන්න ඕනිනම් ඒ විදියටම ගිහින් EN කියන එක තෝරන්න විතරයි තියෙන්නේ. ඒ අමතරව මෘදුකාංගයේ සිටියදීම F12 හෝ CTRL+J යන Shortcut භාවිතා කරලා ඉංග්‍රීසි සහ සිංහල අතර හුවමාරු වෙන්නත් පුළුවන්.


කොහොමද වැඩේ මාරම ලේසියි නේද? ඒ හින්දම තමයි මමත් මේ බ්ලොග් එක කරන්න ඔය සොෆ්ට්වෙයාර් එකම පාවිච්චි කරන්නේ. බොරුනම් බලන්නකෝ.

එහෙනම් වැඩේ හරිනේ දැන් අරගෙනම බලන්නකෝ.

https://dl.google.com/tag/s/appguid%3D%7B7253893D-73F0-4374-BBC8-B664825DC1FD%7D%26iid%3D%7B4C654679-C49C-E68D-2CF9-10569E20577A%7D%26lang%3Den%26browser%3D3%26usagestats%3D0%26appname%3DGoogle%2520Input%2520Tools%26needsadmin%3DTrue%26appguid%3D%7B56241451-8414-4C97-9EB0-5CFC0E125C6E%7D%26appname%3DSinhala%2520Data%2520Pack%26needsadmin%3DTrue/inputtools/InputToolsSetup.exe
1MB - Original Server/EXE File
එහෙනම් මම දැන් යන්නම්. අලුත්ම පොස්ටුවක් අරගෙන ඉක්මනටම එනවා. මේ සොෆ්ට්වෙයාර් එක ගැන මොකක් හරි අවුලක් තියනවා නම් හිත හිතා ඉන්න එපා කෙලින්ම කමෙන්ට් එකක් දාන්න.


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

2 comments:

  1. මේක හොදයි තමා එත් වෙන ෆොන්ට් එකකට හරවන්න බැහැ.එකටත්ක්රමයක් දෙන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ඔව් එකට තවම ක්‍රමයක් නැ. මේකට සපෝර්ට් කරන්නේ ඉස්කෝලපොත ෆොන්ට් එක විතරයි. Google ලා තවම මේක develop කරනවලු...

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP