Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Sunday, September 28, 2014

Official Websites of Srilanka Government Institutes & Departmants Part 1

By DJ Niraj  |  8:55 PM 2 comments


කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සදහා රජයේ ආයතන වල නිල වෙබ් අඩවි.... -Official Websites of Srilanka Government Institutes & Departmants Part 1

ඔන්න අදත් ටික දවසකට පස්සේ මම අලුත්ම දෙයක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා. හැමදාම සොෆ්ට්වෙයාර්, බ්ලොග් පාඩම් අරගෙන එන එකේ අද ගොඩක් අයට වැදගත් වෙන දෙයක් අරගෙන එන්න හිතුනා. අපි ඉතින් රජයේ ආයතන ගැන කතා කරනකොට ගොඩක් අකාර්යක්ෂම බව ගැන නේ වැඩියෙන් කියවෙන්නේ. නමුත් e-government ව්‍යාපෘතියට අනුව රජයේ ආයතන වලට ගිහින් කරගන්න ඕනි වැඩ දැන් ගෙදර ඉදන්ම කරගන්න පුළුවන් විදියට පහසුකම් සලස්වලා තියනවා කියන එක සතුටින් කියන්න පුළුවන්.

ඒ අනුව ලංකාවේ හැම රාජ්‍ය ආයතනයකටම වෙබ් අඩවියක් ලබාදීමට කටයුතු සිදුකර තිබෙනවා. එහෙත් එයිනුත් ගොඩක්ම වැදගත් වෙන වෙබ් අඩවි කිහිපයක් ඔයාලට අරගෙන එන්න මම හිතුවා.


ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවිය

ශ්‍රී ලංකා රජය පිළිබද තොරතුරු සහ අනෙක් රාජ්‍ය ආයතන අතර සම්බන්දීකරණයක් ඇති කිරීමට මෙම වෙබ් අඩවිය හදුන්වා දී තිබෙනවා.

ඍජු පිවිසුම : http://www.gov.lk/



මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය

මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිවේදන දැනුම් දීමට සහ ඒ ආශ්‍රිත සේවාවන් ලබාදීමට මෙම වෙබ් අඩවිය පිහිටුවා තිබෙනවා. 
ඍජු පිවිසුම : http://www.slelections.gov.lk

එසේම ඔබගේ නම මෙවර චන්ද නාමලේකනයට ඇතුලත්ද යන්න දැනගැනීමට පහත ලින්ක් එකෙන් ගොස් එයට ඔබගේ හැදුනුම්පත් අංකය ඇතුලත් කිරීම මගින් හැකියි.

http://www.slelections.gov.lk/id/index.aspx




විදුලිබල මණ්ඩලයේ නිල වෙබ් අඩවිය  

විදුලිබල මණ්ඩලය හා සම්බන්ද තොරතුරු විසුරුවා හැරීමට සහ මහජන පැමිණිලි ලබාගැනීමේ අරමුණින් මෙය ලබාදී ඇත. 
ඍජු පිවිසුම : http://www.ceb.lk 

එසේම පහත ලින්ක් එකෙන් ගිහින් ඔයාලගේ ගෙදර එකක ගණනට අනුව ඔයාලගේ බිල හැදෙන්නේ කොහොමද කියලත් බලාගන්න පුළුවන්.

 http://www.ceb.lk/sub/residence/billcalculator.aspx




විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩවිය 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිල දැනුම්දීම් සහ විශ්වවිද්‍යාල වලට ඇතුලත් කරගන්න අවම ලකුණු මට්ටම් දැනුම් දීම සදහා මෙම වෙබ් අඩවිය පිහිටුවා තිබෙනවා. මෙම අඩවිය මගින් ඔබගේ දිස්ත්‍රික්කයට අදාලව එක් එක් පාඨමාලාව සදහා අවශ්‍ය අවම Z ලකුණු මට්ටම දැනගැනීමට හැකියි.

ඍජු පිවිසුම : http://www.admission.ugc.ac.lk




කාලගුණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය 

කාලගුණ තොරතුරු මහජනතාව සදහා නිකුත් කිරීමේ අරමුණෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක මෙම වෙබ් අඩවිය හරහා ලංකාවේ කාලගුණය පිලිබදව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන නිල වාර්තාවන් පහසුවෙන් ලබාගැනීමට හැකියි.

ඍජු පිවිසුම :  http://www.meteo.gov.lk/


අදට ඇති නේද තව වැදගත් වෙබ් අඩවි ටිකක් තියනවා. ඒවා ගැන මම තව පොස්ටුවකින් කියන්න හිතාගෙන ඉන්නවා. ඉක්මනට එකත් අරගෙන මම එන්නම්කෝ.
දැන් මම ගිහින් එන්නම්.
 
  

>

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

2 comments:

  1. මෙව්වාගෙන් හුඟක් එව්වා අප්ඩේට් කරන්නේ කලාතුරකින්. හුඟක් එව්වා අංජබජල්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාවෙත් ඇත්තක් තියනවා. කොහොමත් ඉතින් මේ ශ්‍රී ලංකාවෙනෙ එත් කාලගුණ දෙපාර්තමේන්තුවේ, UGC, DOENETS, සහ රජයේ නිල වෙබ් අඩවිය නම් පැය 24ම Update වෙනවා.

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP