Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Friday, May 16, 2014

Facebook එකේ Criminal Case Game එක වගේම සුපිරි Game එකක්. - Super Game likes Facebook Criminal Case

By DJ Niraj  |  7:59 AM No comments



ඔන්න මම ගොඩක් දවසකට පස්සේ ඔයාලට අලුත්ම දෙයක් අරගෙන ආවා. මේ විභාග වැඩ නිසා මට බ්ලොග් එක ලියන එක ටික කාලයක් අතපසු වුනා තමයි. එත් ඉතින් ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියන නිසා මේක අතාරින්න හිතෙන්නෙත් නෑ. 

වැඩිය කතා ඕනි නෑ. අපි ආපු වැඩේට බහිමුකො. 

ඔයාලා හැමදෙනෙක්ම දන්නවා මේ දවස්වල ෆේස්බුක් මිතුරු ජාලය තුල ඉතාමත් ජනප්‍රිය වෙච්ච Hidden Objects Game එකක් තියනවා, Criminal Case කියලා. ගොඩක් ය ඒක Play කරලත් තියනවා.
දන්නේ නැත්නම් මේ පල්ලෙහා තියන ලින්කුවෙන් ගිහින් බලන්නකෝ ඕනිනම් Play කරලත් බලන්නකෝ.

Criminal Case Cover

දැන් දන්නවා ඇතිනේ මේ මම කියන්නේ මොකක් ගැනද කියලා. ඉතින් මේ වගේ අපරාධ අදාළ කරගෙන ඒවා විසදන්න යොදාගන්නේ Hidden Objects කියන ක්‍රමය. ඇත්තටම කියනවා නම් මේකෙදි ඔයාලට කරන්න තියෙන්නේ අදාළ රූපේ තියන හැංගිච්ච හෝඩුවාවන් හොයාගන්න එකයි, ඒ ඇසුරින් අපරාධකරුවාව හොයාගන්න එකයි. ඉතින් එක ඇත්තටම පහසු දෙයක් නෙමෙයි, එත් ගහන්න ගත්තම අතාරින්න හිතෙන්නෙත් නැ. 

මම අද කියන්න හදන්නේ Criminal Case ගේම් එක ගැනනම් නෙමෙයි. ඒ වගේම හදපු PC Game එකක් ගැනයි. මේක සම්පූර්නෙන්ම Offline ක්‍රීඩා කරන්න පුළුවන් විදියට හදපු එත් සුපිරිම තත්වයේ තියන ගේම් එකක් කිව්වොත් නිවැරදියි. 

මේකෙදිත් අපිට කරන්න තියෙන්නේ මේකේ ඉන්න රහස් පරීක්ෂකයෝ දෙන්නවයි, අධිකරණ වෛද්යවරයාවයි මෙහෙයවන එක තමයි. මේකේ ගහන්න පටන්ගත්තට පස්සේ ඉවරකරනකන් ඔයාලා කෑමක් බීමක් නැතුව වුනත් ගහයි. ඒ තරමට මේකේ කුතුහලය වැඩියි. මම ඔන්න එකේ Screenshot ටිකකුත් අරගෙන ආවා. ඒවා බලලා ඉන්නකෝ.



















මෙන්න තියනවා ගේම් එකේ Video කෑල්ලකුත් එකත් බලලම ඉන්නකෝ.

හරි දැන් මෙන්න මේකයි කරන්න තියෙන්නේ මේ පල්ලෙහා තියන Download ලින්කුවෙන් ඔයාලට මේක නොමිලේම ගන්න පුළුවන්. වැඩිය VGA ඕනිත් නැ. Pentium 3 එකක් වුනත් වැඩකරනවා. Download කරන්නත් අමාරු නැ 113MB තියෙන්නේ. එහෙනම් වැඩිය කතා ඕනි නැ අරගෙනම බලන්නකෝ.
http://freewarehut.blogspot.com/p/blog-page_15.html
 EXE File-113MB-Original

එහෙනම් දැන් මම යනවා. ආයිත් මේ වගේම අලුත්ම දෙයක් අරගෙන ඉක්මනටම එන්නම්කෝ. ඔයාලට මොකක් හරි ගැටළුවක් තියනවා නම් Comment එකක් දාන්න. වැඩේ හොදයි නම් එත් Comment එකක් දාන්න. යනගමන් පල්ලෙහා තියන Ad එකටත් Click එකක් දාගෙනම යනවා නම් මට ලොකු උදව්වක්...


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP