Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Friday, November 1, 2013

New Cloths for Joomla!.. - Joomla Web Designing Lesson 3

By DJ Niraj  |  8:12 PM 4 comments

ගොඩක් දවසකින් Joomla! පාඩමක් අරගෙන එන්න බැරි වෙච්ච නිසා ඔන්න මම හිතුවා අද අලුත් පාඩමක් අරගෙන එන්න. අද මම කියලා දෙන්න හදන්නෙ Joomla! ට අලුත් ඇදුම් අන්දවන හැටි ඒ කියන්නෙ Joomla!ට අලුත් Template එකක් දාන හැටි. 

කලින් පාඩම් වලට මෙතනින් යන්නකෝ.


මේ කියන Joomla! Templates නොමිලේ වගේම මුදල් ගෙවාත් ලබාගන්න හැකියාව තියනවා. අපිට ඔය සල්ලි දීල ගන්න එව්වා ඕනි නැ. මෙතනින් ගිහින් නොමිලේම සුපිරි Templates ටිකක් Download කරගන්නකෝ. 



මෙහෙම Download කරගත්තාම හම්බවෙන්නෙ ZIP File එකක්. හැබැයි වැඩි හොදට කියලා මේක Extract කරන්න එහෙම එපා. ඒක Joomla! කරගනි.  
දැන් ඔයාලගේ Joomla! Administor Page එකට යන්නකෝ. 

දැන් මේ රූපේ රතු පාටින් පෙන්නන Extensions යටතේ තියන Extension Manager කියන තැන Click කරන්න. එතකොට පල්ලෙහා තියනවා වගේ Page එකක් ලැබෙනවා. 


ඒකේ Browse කියන තැනින් ඔයාලා Download කරගත්ත template file එක තෝරලා දීලා නිල් පාටින් පෙන්නන Upload & Install කියන button එක Click කරන්න. 

දැන් නිවැරදිව Install වුනාම Installing Template was successful කියලා Message එකක් එනවා. දැන් Extensions යටතේ තියන Template Manager කියන එක (රතු පාටින් පෙන්නන) තැන Click කරන්න. 

එතකොට එන මේ Page එකෙන් අපි Install කරපු Template එක ඉස්සරහා තියන කොටුව click කරලා(රතු පාටින් පෙන්නන) Default කියලා නිල් පාටින් පෙන්නන button එක Click කරන්න. 

දැන් ඔයාලගේ site එකේ Preview එකක් බැලුවොත් Template එක එකතු වෙලා තියනවා බලන්න පුලුවන්. 

එහෙනම් අදට Joomla! පාඩම ඉවරයි. මම ගිහින් එන්නම්. ඔයාලට මොකක් හරි ප්‍රශ්ණයක් තියන්වා නම් Comment එකක් දාන්නකෝ.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

4 comments:

  1. Replies
    1. හා හා මචන්.. ටිකක් පරක්කු වුනේ මැෂින් එක Format කෙරුවනේ.. ඒකයි...

      Delete
  2. අනිවා පොස්ට් ටික හැකි වෙලාවට මෙහෙම පිළිවෙලට දාගෙන යන්න.. මොකද Joomla ඉගෙනගන්න ගොඩක් අය කැමතියි.. වෙලාවක් හම්බෙන හැටියට අලුතෙන් Joomla ඒවා ටිකක් දාන්න සහෝ.. ජයවේවා..

    ReplyDelete
    Replies
    1. හොදයි... මම ආයිත් ඉක්මනටම ජූම්ලා පටන් ගන්නම්. Windows 8 වල wamp server සපොර්ට් නැති අවුලක් තිබුනා. එකයි නවත්තන්න වුනේ. අලුත් update එකෙන් එක හදලා කියලා windowsලා කියලා තිබුනා ඒ නිසා ආයිත් පටන් ගන්න ඕනි. ස්තුතියි....

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP