Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Saturday, November 16, 2013

Be a Subtitler. - Aegisub Advanced Subtitle Editor

By DJ Niraj  |  7:52 PM No comments

මම අදත් එහෙනම් අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් අරගෙන ඔයාලව බලන්න ආවා එහෙනම්.. මේ දවස්වල ටිකක් විතර කාර්‍යබහුල නිසා ටිකක් විතර පෝස්ටුවක් දාන්න පරක්කුවෙනවා ඒක එච්චර ගනන් ගන්න එපා. මගේ යාලුවෝ කොහොමත් මගෙත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා. 

හරි එහෙනම් වැඩි කතා නැතුව අද අපේ වැඩේට බහිමුකෝ. ඔයාලා දැකලා ඇති Baiscopelk.com, Zoom.lk වගේ වෙබ් අඩවි වල විවිධ භාෂාවල Films වලට උපසිරැසි යොදලා නොමිලේම Download කරගන්න දෙනවා. ඉතින් ඔයාලා බලනවා ඇති එයාලා මේ උපසිරැසි දාන්නේ කොහොමද කියලා. මම අද අරගෙන ආවේ අන්න ඒ වගේ උපසිරැසි නැත්නම් Subtitles දැමීම පහසුවෙන් කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්.
පහසුවෙන් කරගන්න පුලුවන් කිව්වාම බලනවා ඇති අමාරු විදියකුත් තියනවද කියලා. ඔව් අමාරු ක්‍රමයකුත් තියනවා. Notepad එක හරහාත් උපසිරැසි හදන්න පුලුවන්. ඒත් ඒක ලේසිනම් නැ. අනිත් එක උපසිරැසි යෙදීමේදී බොහෝවිට කරන්නේ English Subtitle එක අරගෙන එය සින්හලට පරිවර්තනය කරන එක. ඒ වගේ English Subtitles නම් Opensubtitles.org වගේ වෙබ් අඩවි වලින් පහසුවෙන් ලබාගන්න පුලුවන්. 

මේ සොෆ්ට්වෙයාර් එක භාවිතයෙන් ඒ ලබාගන්න English Subtitles සින්හලට පරිවර්තනය කරන්න පුලුවන්. ඒවගේම අලුත් උපසිරැසි යොදන්නත් පුලුවන්. ඒකට මෙය හරහා අදාල Film එක Play කරලා අදාල තැන් වලට අදාල උපසිරැසිය යොදන්නත් පුලුවන්. ඒ වගේම අපේ උපසිරැසි වර්ණ එහෙම යොදලා අලන්කාර කරගන්නත් මේ හරහා පහසුවෙන් පුලුවන්. ඇත්තටම කියනවා නම් උපසිරැසි යොදනවා කියන්නේ ඉතාම වෙහෙසකර කටයුත්තක්. හොදට Typing එහෙම පුලුවන් වෙන්න ඕනි. ඇත්තටම කියනවානම් උඩින් කියපු සින්හල උපසිරැසි ලබාදෙන වෙබ් අඩවි වල අයට ගොඩාක් ස්තූතයි කරන්න ඕනි එයාලා කරන කැපවීමට. ඒ කාර්‍යය මෙම සොෆ්ට්වෙයාර් එකෙන් ටිකක් හරි පහසු කරනවා. ඉතින් එහෙනම් මේ සොෆ්ට්වෙයාර් එක Download කරගෙන ඔයාලත් උපසිරැසි හදන්නකෝ. මේක Windows 64bit හා 32bit යන දෙකෙන්ම සහා Ubuntu, Mac OS X වගේ ගොඩක් මෙහෙයුම් පද්ධති සමග ගැලපෙන Versions වලින් නිකුත් කරලා තියනවා. ඔයාලට කැමති එකක් පල්ලෙහා තියන Link එකෙන් ගිහින් Download කරගන්නකෝ. 


http://www.aegisub.org/downloads/
Aegisub Original Server
එහෙනම් මම දැන් ගිහින් එන්නම්. ඔයාලට ප්‍රශ්ණ එහෙම තියනවා නම් පොඩි Comment එකක් දාලා අහන්නකෝ. 

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP