Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Sunday, November 3, 2013

Why suffering with Adsense

By DJ Niraj  |  5:05 PM 2 comments

ඔන්න ඉතින් යාලුවනේ මම අද ටිකක් අමුතුම විදියේ පාඩමක් තමයි ඔයාලට අරගෙන ආවේ. කවදාවත් අපි FreewareHut බ්ලොග් එකෙන් e money ගැන කථාකරලා නැනෙ. මම ඒක ගැන කථා නොකර ඉන්න තමයි හිතාගෙන හිටියේ ඒත් මට මේ දේ ඔයාලට කියලා දෙන්නම හිතුනා. අපි දන්නවා Adsense සින්හල බ්ලොග් වලට තවම දෙන්නෙ නැ කියලා. ඒ වගේම එයාලගේ නීතිත් ගොඩාක් වැඩියි. මමත් කිහිප සැරයක්ම ඉල්ලුවත් මට දෙන්න බැ කියනවා භාෂාව හදුනාගන්න බැ කියලා. ඉතින් මම Adsense පස්සෙ යන එක නවත්තලා දැම්මා. මට ඒත් හම්බවුනා ඇඩ්ස් අපිට ලබාදෙන වෙබ් අඩවියක්. ඇත්තටම මේක මට දන්න කෙනෙක් තමයි හොයලා දුන්නෙ. මේකට කියන්නෙ CBeck Ads කියලා. මම ඒකේ ඇඩ් එකක් අපේ බ්ලොග් එකට ඇතුලත් කරගන්න හැටි තමයි අද කියලා දෙන්න හදන්නෙ.


ඔන්න පටන්ගන්නකොටම කියන්න ඕනි මේක Refferals ලා ගන්න ඕනි නිසා කරන මගඩියක් නෙමෙයි කියන එකත්. අපි එහෙනම් වැඩේට බහිමුකෝ. 

ඉස්සෙල්ලාම මේ පල්ලෙහා තියන ලින්ක් එකෙන් වෙබ් සිටෙ එකට ගිහින් Registar වෙන්නකෝ. මේකේ දාන්නෙ Refferal Link එකක් තමයි. ඒත් ඉතින් මම කලින් කියපු දේ නුසා කියලානම් හිතන්න එපා. 



දැන් ඔයාලා ඉස්සෙල්ලාම එන්නෙ මේ Page එකට.  

මේකේ රතු පාටින් පෙන්නලා තියන Sign Up කියන එක Click කරලා Account එකක් හදාගන්න පුලුවන්. 

Account එක හදාගන්න මේ Form එක නිවැරදිව පුරවලා Create Free Account කියන එක Click කරන්න. ඊට පස්සෙ ඔයාල ලබාදුන්න Email Address එකට තහවුරු කිරීමේ Email එකක් ලැබේවි ඒක හරහා Account එක සක්‍රිය කරගන්න පුලුවන්. ඊට පස්සෙ ඔයාලට ඕනිම වෙලාවක මුල් පිටුවෙ තියන Login කියන තැනින් ඔයාලගේ Account එකට ඇතුලුවෙන්න පුලුවන්. 

එහෙම ඇතුල් වුනාම ඔයාලා ඉස්සෙල්ලාම පිවිසෙන්නෙ ප්‍රස්ථාරයක් සහිත පිටුවකට එහි ඔයාලගේ ඇඩ්ස් click කරපු ප්‍රමාණය පෙන්නනවා. ඔයාලගේ එක ඇඩ් එකක් එක පාරක් කෙනෙක් click කෙරුවොත් ඔයාට $0.03ක් ලැබෙනවා. ඒකියන්නෙ රු. 4කට ආසන්න මුදලක්.

මේක හරහා මුදල් ලබාගන්න නම් අපේ ඇඩ් එක බ්ලොග් අඩවියේ හරි වෙබ් අඩවියේ හරි පලකරන්න ඕනි. අපි දැන් ඒක කරන්නෙ කොහොමද කියලා බලමු. 

ඒකට මුල්ම පිටුවෙ side එකේ තියනවා menu එකක් මේ පල්ලෙහා තියෙන්නෙ ඒක තමයි. 


එකේ රතු පාටින් පෙන්නන Banners කියන එක click කෙරුවාම ඔයාලා අපි මෙයාලගේ ඇඩ්ස් අපේ බ්ලොග් එකේ පල කරන්න අවශ්‍යවෙන Banners Code ලබාදෙන වෙබ් පිටුවට යොමු වෙනවා. මේකේ විවිධ ප්‍රමාණවල ඇඩ්ස් ලබාගන්න පුලුවන්. සමහර ඒවා වචන විතරක් වගේම සමහර ඒවා බැනර්ස් වශයෙනුත් දැකගන්න පුලුවන්. 

අපි මේකේ තියන උඩම එක ගමුකෝ. 

ඒකේ රතුපාටින් පෙන්නන Codes ටික Copy කරගන්න ඕනි ඉස්සෙල්ලාම. 

දැන් ඔයාගේ බ්ලොග් එකේ Dashboard එකේ Layout කියන Tab එකට ගිහින් කැමති තැනකට HTML/Javascript Gadget එකක් එකතු කරන්න.


 දැන් ඒකේ තියන HTML Box එකට කලින් Copy කරගත්ත Script Code එක Paste කරන්න. දැන් Gadget එක Save කරන්න.

දැන් ඔයාලට බ්ලොග් එකේ Preview එකක් බැලුවොත් ඇඩ් එක බලාගන්න පුලුවන්. උඩ රූපේ තියනවා වගේ. 

ඔයාලට මේ ලැබෙන සල්ලි ගෙන්නගන්න Paypal හෝ Payza Account එකක් තියෙන්න ඕනි. ඒ වගේම ඔයාලගේ Account එකේ $10ක් වුනාම හැම මාසෙකම පලවෙනිදා සහ 15  වෙනිදා මෙයාලා ඔයාගේ සල්ලි ඔයාලා ලබාදෙන Paypal Account එකට යවනවා. අපි ඒ Payapal හෝ Payza Account details මුල්ම පිටුවේ තියන Settings හරහා ගිහින් ලබාදෙන්න පුලුවන්. 

දැන් එහෙනම් වැඩේ ඉවරයි. කට්ටියටම වැඩේ තේරෙන්න ඇති කියලා මම හිතනවා. ෆොටෝ පැහැදිලි නැත්නම් ඒවා උඩ click කරලා ලොකු කරලාම බලාගන්නකෝ. මම එහෙනම් ගිහින් එන්නම්. ප්‍රශ්ණ එහෙම තියනවානම් අනිවා අහන්න.


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

2 comments:

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP