Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Wednesday, October 23, 2013

Installing Joomla! - Joomla! Web Designing Lesson 2

By DJ Niraj  |  7:44 PM 4 comments

ඔන්න මම අද අපේ Joomla! පාඩමේ දෙවෙනි කොටස අරගෙන ආවා. පළවෙනි කොටසින් අපි අපේ පරිගණකය Server එකක් බවට පරිවර්ථනය කරගන්න හැටි ඉගෙනගත්තා. ඒක කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න. 



හරි අපි දැන් අද පාඩමට යමුකෝ. දැන් අපි Joomla! අපි හදාගත්ත Server එක තුල ස්ථාපනය කරගන්නෙ කොහොමද කියලා. ඉස්සෙල්ලාම Joomla! නිල වෙබ් අඩවියට ගිහින් Joomla! Download කරගන්න. එතකොට අලුත්ම සන්ස්කරණය තමයි හම්බවෙන්නෙ. 



එතකොට Download කරගන්න පුලුවන් වෙන්නෙ Zip file එකක්. දැන් Xampp Install කරපු Folder එකට ගිහින් (සාමාන්‍යයෙන් මෙය C:/xampp වේ.) මෙම Folder එක තුල ඇති htdocs කියන Folder එක තුල අලුතින් Folder එකක් නිර්මාණය කරන්න. මම එයට Joomla කියලා Folder එකක් හදනවා. 


දැන් අපි Download කරගත්ත joomla! installer එක මේ අපි හදාගත්ත Folder එක තුලට unzip කරගන්න. හැබැයි ඒක ඇතුලෙ තියන Folders සහ Files එහෙම වෙනස් කරන්න එපා. 


දැන් Web Browser එක Open කරලා ඒකේ Address Bar එකේ http://localhost/joomla කියලා type කරලා Enter කරන්න. මේ joomla කියන්නෙ අපි හදාගත්ත folder එකේ නම. ඔයාල හදාගත්ත folder එකේ නම joomla වෙනුවට යොදන්න. 


Site Name කියන තැනට ඔබගේ වෙබ් අඩවියේ නම ලබාදෙන්න. Description එකකුත් දෙන්න. ඊටපස්සෙ Email එකකුත් දීලා Joomla! වෙත log වෙන්න අවශ්‍ය Username එකක් Admin Username කියන තැනට ලබාදෙන්න. Admin Password කියන තැනට Password එකකුත් ලබාදී එය තහවුරු කරන්න. ඊටපස්සෙ Next Click කරන්න. 


දැන් යොමුවෙන්නෙ Database එකට සම්බන්ධ කරන අවස්ථාවයි. මෙහි Host name කියන තැනට localhost කියලා දෙන්න. ඒත් මේ වෙබ් අඩවිය ඇත්තම Server එකක රදවනවා නම් එයට අදාල Host name එකක් ලබාදෙන්න වෙනවා. Username කියන තැනට අපි කලින් හදාගත්ත Database එකේ Username එක ලබාදෙන්න ඕනි. Password කියන තැනට එහි Password එකත් Database Name කියන තැනට හදාගත්ත Database එකේ නමත් දෙන්න. ඊටපස්සෙ Next click කරන්න. 


දැන් අවසාන අවස්ථාව. මෙහිදී Sample Data ලබාදෙන්න අහනවා. අපි Joomla! වලට අලුත් අය නිසා අපි Sample Data දාගමු. මමනම් කියන්නෙ හිදම එක තමයි පස්වෙනියට තියන එක. ඒක තෝරලා දීලා Next Click කරන්න. 


 දැන් අපිට Installation Folder එක ඉවත් කරගන්න පුලුවන්. ඒකට රතු පාටින් පෙන්නලා තියන එක Click කරන්න. දැන් අපි Joomla! ස්ථාපනය කරගෙන ඉවරයි. මේ පිටුවෙ තියන Site කියන එක Click කෙරුවාම අපි හදන්න ඉන්න වෙබ් අඩවියේ Preview එකක් බලාගන්න පුලුවන්. අපි Sample Data දාගත්ත නිසා අපිට සම්පූර්ණ වෙබ් අඩවියක් බලන්න පුලුවන්.මේක Front End එක කියලාත් හදුන්වනවා.

අර කලින් තිබුන page එකේ Administrator කියන තැන Click කෙරුවාම Login Form එකක් එනවා. ඒකේ අපි වෙබ් අඩවියට log වෙන්න දුන්න Username හා Password දීලා අපේ Control Panel එකට යන්න පුලුවන්. 

මේක Back End එක කියලා හදුන්වනවා. අපි වෙබ් අඩවියේ සිදුකරන සියලුම වෙනස්කම් මෙය හරහා සිදු කරන්න ඕනි. හරි දැන් අපි Web Designing වලට සූදානම්. මම දැන් ගිහින් එන්නම්. අලුත්ම පාඩමකුත් අරගෙන ඉක්මන්ටම එන්නම්කෝ. එතකන් මේකේ තියන ඒවා එහාට මෙහාට කරලා පුරුදු වෙන්නකෝ. 

හරි එහෙනම් මම යන්නම්. මේ පාඩම ගැන ප්‍රශ්ණයක් තියනවා නම් Comment එකක් දාලා අහන්න. නැත්නම් අපේ Forum එකට යොමු කරන්න. අපේ Forum එක පැත්තෙත් ගිහින් එන්න අමතක කරන්න එපා. Forum එකට මෙතනින් යන්න.


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

4 comments:

  1. හොඳ වැඩක්. ජූම්ලා පාවිච්චි කළේ නෑ අවුරුදු ගාණකින්. දැන් මම වෙබ් සයිට් හදන්නෙම වර්ඩ්ප්‍රෙස් වලින්. හෙට්ට අනිද්දම ජූම්ලා භාවිත කරල වෙබ්සයිට් එකක් හදන්න මේ දවස් වල ප්ලෑන් හදාගෙන යනව.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ Wordpress වලට වඩා Joomla! ගොඩක් ඉස්සරහින් ඉන්නවා.

      Delete
  2. අනිවා පොස්ට් ටික හැකි වෙලාවට මෙහෙම පිළිවෙලට දාගෙන යන්න.. මොකද Joomla ඉගෙනගන්න ගොඩක් අය කැමතියි.. Joomla WordPress වලට වඩා Advanced සහ කරන්න හැකි දේවල් වැඩියි..
    ජයවේවා..

    ReplyDelete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP