Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Wednesday, October 23, 2013

Before Joomla!.. - Joomla! Web Designing Lesson 1

By DJ Niraj  |  9:05 AM 2 comments

ඔන්න ඉතින් මම අදත් අලුත්ම පාඩමකින් ආවා. හැබැයි මේක අලුත්ම පාඩමක්. මම කලින් දවසක කිව්වා ඔයාලට Joomla! Web Designing ගැන කියලා දෙන්නම් කියලා ඒත් මට ඒක අමතක වෙලා තිබුනේ ඒත් ළහිරු මදුරන්ග (http://androidhitzz.blogspot.com) සොයුරා තමයි මට මතක් කරලා දුන්නෙ. ඉතින් මම හිතුවා Joomla! පාඩමක් අරගෙන එන්න. ආ.. තව දෙයක් තියනවා අපේ බ්ලොග් එකට ආපු කට්ටිය 10000 පැනලා තියනවා මම අද දැක්කා. මට ගොඩාක් සතුටුයි. ඇත්තටම මගේ බ්ලොග් එක බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි.. එහෙනම් අපි අද වැඩේට බහිමුකෝ.
මම ඉස්සෙල්ලාම Joomla! ගැන හැදින්වීමක් කරන්නම්. Joomla! කියන්නෙ Content Management System වර්ගයේ සොෆ්ට්වෙයාර් එකක් කෙටියෙන් කිව්වොත් CMS එකක්. මේ මගින් දත්ත සමුදා (Database) පාදක කරගත් සුපිරි වෙබ් අඩවි නිර්මාණය කරන්න පුලුවන්. Joomla! නිර්මාණය කරලා තියෙන්නෙ PHP කියන භාෂාව භාවිත කරලා.Joomla! ගැන තව දැනගන්න ඕනිනම් මෙතනින් යන්න.

Joomla! එක්ක වැඩකරන්න නම් Server එකක් තියෙන්න ඕනි. ඇත්තටම වෙබ් අඩවිය හදනවානම් අපිට මේ Joomla! ඒ server එක තුල ස්ථාපනය කරන්න වෙනවා. ඒත් අපිට Joomla! අත්හදා බලන්න නම් අපේ පරිගණකය Server එකක් කරගන්න වෙනවා. ඒකට විශේෂ මෘදුකාන්ගයක් භාවිතාකරන්න පුලුවන්. මම අද කියලා දෙන්න හදන්නෙ ඒ මෘදුකාන්ගය install කරලා mySQL Server එකක් හදාගන්න හැටි. ඉස්සෙල්ලම මේ පල්ලෙහා තියන වෙබ් අඩවි වලට ගිහින් Xampp කියන සොෆ්ට්වෙයාර් එක Download කරගන්නකෝ. Joomla! Cross Platform වුනාට මේ සොෆ්ට්වෙයාර් එක එහෙම නෙමෙයි. ඒක හින්දා මෙහෙයුම් පද්ධතියට ගැලපෙන එකම ගන්න.


For Windows

For Linux















හරි එහෙනම් දැන් පුරුදු විදියට ඒ File එක උඩ Double Click කරලා Install කරන්න පටන් ගන්නකෝ. 


එක තැනකදි මෙන්න මේ වගේ එකක් එයි. එතනදි මේ රතු පාටින් පෙන්නන තැන තියන කොටු වල හරි ලකුනු දාලා Install Click කරන්න.
එහෙම Install කරද්දි Command Prompt එක Open වෙලා Server Install වෙනවා පෙනේවි ඒවට මුකුත්ම කරන්න එපා. අන්තිමට මෙන්න මෙහෙම එකක් ආවොත් ඒකට Yes කියලා දෙන්න. 

දැන් මෙහෙම Xampp Control Panel එක Open වෙනවා. දැන් මේකේ තියන Apache, MySQL, Filezila කියන තුනෙන් එකක් හරි වැඩකරන්නෙ නැත්නම් ඒක ඉස්සරහින් තියන Start කියන Button එක Click කරලා Start කරගන්න්. දැන් මේ Window එක Close කරලා Web Browser එක Open කරගන්න. 



දැන් ඒකේ Address Bar එකේ http://localhost කියලා type කරලා enter කරන්න. එතකොට Language එක තෝරන පිටුවක් එනවා. එතනින් භාශාව තෝරලා දුන්නාම මේ වගේ පිටුවක් ලැබෙනවා. 


දැන් browser එකේ Address bar එකේ http://localhost/phpmyadmin කියලා type කරලා Enter කරන්න. 


මේවයේ හැම අකුරක්ම හරියටම type කරන්න ඕනි. නැත්නම් වෙන මොනවා එයිද දන්නෙ නැ. 



හරි දැන් අපි අපේ Joomla! CMS එක Install කරන්න Database එකක් හදාගන්න ඕනි. ඒකට උඩ තියන ෆොටෝ එකේ රතුපාටින් පෙන්නන Database කියන Tab එකට ගිහින් Create Database යටතේ තියන හිස් කොටුව තුලට Database එකට කැමති නමක් දීලා Create දෙන්න. එතකොට Database එක Create වෙනවා. 

ඊටපස්සෙ Database කියන tab එක තුලම තියන අපි හදාගත්ත Database එකේ ඉස්සරහා තියන Check Privileges කියන එක Click කරන්න.

ඊටපස්සෙ එන page එකෙන් root localhost යටතේ තියන Edit Privileges කියන එක Click කරන්න. 


එතකොට එන Page එකෙන් පල්ලෙහාම තියන Login Information කියන තැනට කැමති Username එකක් හා Password එකක් දීලා GO කියන තැන Click කරන්න. මේ දීපු Username Password මතක තියාගන්න වෙනවා. අපි Joomla! Install කරනකොට ඒවා ඕනි වෙනවා. මමනම් හිතන්නෙ Password නම් ඕනිත් නැ. 

හරි දැන් අපි මූලික වැඩ ඔක්කොම ඉවරයි. මම අනිත් දවසේ Joomla! Install කරන්නේ කොහොමද කියලා කියලා දෙන්නම්කෝ. මම එහෙනම් දැන් ගිහින් එන්නම්. 

ඔයාලට මේ පාඩම ගැන ප්‍රශ්ණ එහෙම තියනවා නම් Comment එකක් දාලා අහන්න.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

2 comments:

  1. godak thank mcn. mama joomla gena godak hewwa hebai sinhalen ne. me patan gaththa weda digatama karanganna. wish you all the best

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසට බොහොම ස්තුතියි..

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP