Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Sunday, October 20, 2013

Add a Flash Banner Easily on your Website - Blogger Lesson 8

By DJ Niraj  |  8:30 PM 2 comments

ඔන්න එහෙනම් මම අදත් අලුත්ම බ්ලොගර් පාඩමක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා. ඉතින් මගේ බ්ලොග් එක කියවන ඔයාලට ගොඩක් ස්තුතියි කියලා ඉස්සෙල්ලාම කියන්න ඕනි. මගේ බ්ලොග් එකේ Dashboard එකේ Stats වල දවසක 200ක් 300ක් මගේ බ්ලොග් එක බැලුවා කියන එක දකිනකොට තවත් අලුත් දේවල් අරගෙන අලුත් පෝස්ට් අරගෙන එන්න තවත් ආස හිතෙනවා. ඔයාලා මගේ පෝස්ට් බලලා කමෙන්ටුවක් දැම්මෙ නැති වුනාට මගේ බ්ලොග් එක කියවන එක මට ලොකු සතුටක්. ඇත්තටම ලන්කාවේ අපේම මිනිස්සුන්ට මොනවාහරි අලුත් දෙයක් කියලා දීලා එයාලගේ පරිගණක දැනුම ඉහල දමන්න මටත් යම් දෙයක් කරන්න පුළුවන් වීම ගැන මට ඊටත් වැඩිය සතුටක්. 

හරි දැන් අද අරගෙන ආපු දේ බලමුකෝ. Flash Animations කියන්නෙ මොනවද කියලා ඕනිම කෙනෙක් දන්නවා. ඉතින් ඒ වගේ flash animated banner එකක් අපේ බ්ලොග් එකටත් එකතු කරගන්නෙ කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්න හදන්නෙ.
මමත් ඒ වගේ flash banner එකක් බ්ලොග් සිතියමට දාන්න හැදුවා මේ බලන්නකෝ. මෙතනින් යන්න.
හරි එහෙනම් වැඩේ මොකක්ද කියලා තේරෙනවානෙ. එහෙනම් පල්ලෙහා තියන වෙබ් අඩවියට ඉස්සෙල්ලාම යන්න. 


එතකොට මෙන්න මෙහෙම page එකක් තමයි ලැබෙන්නෙ. 

 
දැන් මේ Page එකේ තියන Templates වලින් ඔයාලගේ බැනර් එකට ගැලපෙන විදියේ එකක් තෝරගන්න. සමහර images තියන Templates වල ඒ තියන images වෙනුවට අපි කැමති images වුනත් දාන්න පුලුවන් ඒ හින්දා බයවෙන්න එපා. ඒවා ඔයාලම බලන්නකෝ. මම වැඩේ කියලා දෙන්න ඕනි නිසා පල්ලෙහාම තියන Disco Leaderboard කියන Template එක තෝරගන්නවා. ඉතින් මම දැන් දිගටම වෙනස්කම් කරන්නෙ ඒ Template එකේ තමයි. මේක බලලා ඉගෙනගත්තට පස්සෙ අනිත් ඒවා ගේමක් නැ. ඔයාලා කැමති එකක් තෝරගත්තට පස්සෙ එකට යටින් තියන CLICK HERE TO EDIT THIS කියන එක Click කරන්න. එතකොට මෙහෙම page එකක් එනවා. අනිත් ඒවත් එහෙමම තමයි. 





මේ Page එකේ උඩින්ම අපි හදන්න යන banner එකේ Preview එකක් පේනවා. ඊටත් උඩින් තියන More sizes for this banner කියන කොටසින් banner එකට ගැලපෙන පරිමාණයක් තෝරගන්න පුලුවන්. දැන් අපි මේ banner එක edit කරමු. ඉස්සෙල්ලාම Text කියන කොටස edit කරමු. එකේ පෙන්නන Text lines වලට කැමති වචන දෙන්න පුලුවන්. හැබැයි සින්හල වචන නම් බැ. ඒ තියන වචන උඩින් තියන preview එකට අනුව තමයි තියෙන්නෙ. දැන් Colour කියන කොටසින් Text වල පාටවල් වෙනස් කරගන්න පුලුවන්. තව ඒ page එකේ පල්ලෙහාට යනකොට මේ වගේ කොටසක් තමයි තියෙන්නෙ.

 දැන් General Settings කියන කොටසේ තියන When clicked, go to this link කියන තැනට මේ බැනර් එක උඩ click කෙරුවාම යොමු වෙන්න වෙබ් ලිපිනයක් දෙන්න පුලුවන්. ඊටපස්සෙ Generate Animation කියන button එක Click කරන්න. එතකොට ටික වෙලාවකින් වෙනත් වෙබ් පිටුවකට යොමු වෙනවා. ඒක මේ වගේ.. 

මෙතන කොල පාටින් ඉරක් ඇදලා තියන Back to Editor කියන තැන click කරලා නැවතත් කලින් Flash Animation එක Edit කරන පිටුවට යන්න පුලුවන්. යටින් තියන Advanced කියන කොටසින් (නිල් පාටින් පෙන්වා ඇතී)  තැනින් අපි හදපු Flash Banner එක .swf file එකක් විදියට Download කරගන්න පුලුවන්. ඒක වෙබ් ෆෝල්ඩරයකට පිටපත් කරලා වෙබ් පිටුවකට එකතු කරන්න පුලුවන්. ඒත් අපිට වැදගත් වෙන්නේ Easy කියන කොටස. එතන තියන Script කොටස Copy කරලා අපිට බ්ලොග් එකේ එකතු කරන්න ඕනි තැන තියන HTML/Javascript Gadget එකක HTML box එකකට මේ Script කොටස paste කරලා Gadget එක Save කරන්න. දැන් ඔයාලට මේ Flash Animation එක බ්ලොග් එක තුල වැඩ කරනවා බලන්න පුලුවන්.

එහෙනම් වැඩේ කට්ටියටම Click වුනා කියලා මම හිතනවා. වැඩේ මොකක් හරි ප්‍රශ්ණයක් තියනවානම් Comment එකක් දාන්නකෝ. මම ගිහින් එන්නම්. පුලුවන් නම් මට උදව්වක් විදියට පල්ලෙහා තියන ඇඩ් එකට Click එකක් දාන්න. 

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

2 comments:

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP