Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Friday, September 27, 2013

New Job for Shortcuts...

By DJ Niraj  |  8:46 PM 4 comments

ඔන්න එහෙනම් මම ටික දවසකට පස්සෙ අදත් ආවා අලුත්ම වැඩක් අරගෙන.. මේ දවස් වල Blog Post එකක් අරන් එන්න බැරි වුනේ මම මේ දවස්වල බැහැලම Joomla Web Designing ගැන ඉගෙනගන්නවා. පස්සෙ දවසක මම ඒක ගැනත් කියලා දෙන්නම්කෝ. එතකන් Blogging ටික හෙමින් සැරේ කරගෙන යන්නකෝ. ඒක දන්නවනම් Joomla හරිම සිම්පල්..   

හරි හරි අද අරන් ආවෙ මොකක්ද කියලා කියන්නම්. Desktop Shortcut වලින් අපි සාම්ප්‍රදායිකව කරන්නෙ මොකඛරි program එකක් හරි Folder එකක් හරි Open කරගන්න එකනේ. අද මම කියලා දෙන්න යන්නේ එතනින් එහාට ගිහින් සරල විධාන ලබාදීම සදහා Shortcuts යොදාගන්න හැටි ගැනයි.


ඉස්සෙල්ලාම ඒ වගේ සරල විධාන ලබාදීමට යොදාගන්න පුලුවන් සරල මෘදුකාන්ගයක් ගැන කියලා ඉන්නම්. මේක මෘදුකාන්ගයක් කිව්වට සරල command file එකක් විතරයි. මේකට කියන්නෙ Nircommand කියලා පල්ලෙහායින් ඒක Download කරගන්නකෝ ඉස්සෙල්ලාම.. 






Download කරලා ඒ File එක C: Drive එකට Extract කරගන්න. නැත්නම් Extract කරලා Copy කරන්න.  

අපි දැන් එහෙම යොදන්න පුලුවන් සරල විධාන කිහිපයක් ගැන බලමු.  

1. පරිගණකය Lock කිරීම. 

ඉස්සෙල්ලාම Desktop එක මත Right Click කරලා, එතනින් New හරහා ගිහින් Shortcut කියන එක Click කරන්න.



ඊටපස්සෙ ලැබෙන Create New Shortcut window එකේ Type the Location of the item: කියන ස්ථානයට පහල තියන Code එක ලබාදෙන්න. 


rundll32.exe user32.dll, LockWorkStation
 ඉන්පසු Next Click කර ලැබෙන Window එකෙන් Shortcut එකට නමක් ලබාදී Finish Click කරන්න. ඊටපස්සෙ Shortcut එක ක්‍රියාත්මක කර බලන්න.

2. Screen Saver එක ක්‍රියාත්මක කිරීම.

New Shortcut Window එකේ Type the Location of the item: කියන තැනට මේ Code එක ලබාදෙන්න.

%systemroot%\system32\Bubbles.scr



3. CD/DVD Drive පාලනය කිරීම. 

CD/DVD Drive වල tray එක Open කිරීමට හා Close කිරීමටද Shortcut යොදාගත හැක.

ඒ සදහා New Shortcut Window එකේ පහල දැක්වෙන Code එක ලබාදෙන්න. 


C:\nircmd.exe cdrom open F:




එසේම Drive Tray එක Close කීරීමට රතු  පාටින් දැක්වෙන Open යන්න වෙනුවට Close යන්න ලබාදෙන්න. එසේම F: ලෙස නිල් පාටින් දැක්වෙන තැනට අදාල Drive එකේ Drive Letter එක ඇතුලත් කල යුතුයි.

4. මොනිටරය Off කිරීම.

මේ සදහා New Shortcut Window එකේ පහත Code එක ලබාදෙන්න.

C:\nircmd.exe monitor off


5. පරිගනකය Shutdown කිරීම. 

මේ සදහා New Shotrcut Window එකේ පහත Code එක ලබාදෙන්න.  

C:\nircmd.exe exitwin poweroff


එලෙසම Logoff කිරීමට පහත Code එක ලබාදෙන්න. 

C:\nircmd.exe exitwin logoff


එසේම පරිගණකය Standby ලෙස තැබීමට පහත Code එක යොදන්න. 

C:\nircmd.exe standby

6. ශබ්ද උපාන්ග හැසිරවීම. 

ස්පීකරය Mute කිරීමද Shortcut මගින් සිදුකල හැක. ඒ සදහා පහත Code එක ඇතුලත් කල යුතුය.  
C:\nircmd.exe mutesysvolume 1

Unmute කිරීම සදහා පහත Code එක ඇතුලත් Shortcut එකක් සෑදිය යුතුය. 

C:\nircmd.exe mutesysvolume 0


දැන් ඔයාලත් මේ අලුත්ම වැඩේ test කරලා බලන්නකෝ.
වැඩේ හොදනම් Comment එකක් දාලම යන්නකෝ. ඔයාලගෙ Comments මට ගොඩාක් වටිනවා. Facebook ඉන්නවානම් අපේ Page එකටත් Like එකක් දාන්න.
එහෙනම් අලුත්ම දෙයක් අරගෙන මම ඉක්මන්ටම එන්නම්කො.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

4 comments:

  1. තැන්ක්ස් අයියා..

    ReplyDelete
  2. වටිනා දැනුමක් ලබාගත්තා. බොහොම ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි. නැවත අප සමග එක්වන්න.

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP