Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Monday, September 2, 2013

Lets Learn About Blogger Control Panel - Blogger Lesson 2

By DJ Niraj  |  10:19 AM 4 comments






ඔන්න මම Blogger දෙවෙනි පාඩමත් අරගෙන ආවා. අද අපි කතා කරන්න හදන්නේ Blogger Control Panel එක ගැන.







අපි දැන් Blogger පේජ් එකට ඇවිත් Account එකට Log වුනාම ඉස්සෙල්ලාම යොමු වෙන්නෙ Blogger Dashboard එකට.




එතන මේ වගේ රතු පාටින් රවුම් කරල තියන තැන Click කෙරුවාම අපි පිවිසීනෙ Blogger Control Panel එකට.


 එකත් මෙන්න මේ වගේ page එකක්. දැන් අපි බලමු මේ Page එකේ තියන ප්‍රධාන යෙදුම් ගැන බලමු. 


Overview කියන Option එක මගින් ඔයාලට ඔයාලගෙ Blog එකේ සාරාන්ශයක් පෙන්නනවා. මෙතනින් ඔයාලට blog එකේ Traffic Details පෙන්නන ප්‍රස්ථාරයක් දැකගන්න පුලුවන්. ඒවගේම Blogger වල අලුත් පහසුකම් පිලිබදවත් මෙතනින් දැනගන්න පුලුවන්.

Post කියන Option එකෙන් ඔයාලට ඔයාලගෙ පෝස්ටු ගැන විස්තර දැනගන්න පුලුවන්. 


මෙතනින් 1 කියල තියන තැනින් Click කරලා 2 තියන තැන Click කෙරුවාම ඔයාලට ඔයාල ලියපු post එකක් ඕනිනම් Delete කරන්න පුලුවන්. තව අදාල Post එක උඩට Cursor එක ගෙනිච්චාම එන Dropdown menu එකෙන් ඔයාලට Publish Click කරලා පල කරන්නෙ නැතුව තියන Post එකක් Publish කරන්නත්, Edit Click කරලා Post එක සන්ස්කරනය කරන්නත්, View Click කරලා Post එකේ Preview එකක් බලන්නත් පුලුවන්. 

දැන් අපි Pages යෙදුම ගැන සලකා බලමු. 



මෙතනින් ඔයාලට ඔයාලගෙ Blog එකට අමතර පිටු ඇතුලත් කරන්න පුලුවන්. New Page කියන තැනින් ඔයාලට අලුත් පිටුවක් එකතු කරගන්න පුලුවන්. ඒ පිටුව යටතේ තියන View මගින් Page එකේ Preview එකක් බලන්නත්, Edit මගින් Page ර්ක සන්ස්කරනය කරන්නත් පුලුවන්. 

දැන් අපි Comments යෙදුම ගැන සලකා බලමු. 



මෙතනින් ඔයාලට ඔයාලගේ Comments ගැන අනිත් අය දක්වපු ප්‍රතිචාර දැකගන්න පුලුවන්, ඔයාලට ඒවට ප්‍රතිචාර දක්වන්නත්, ඒවා Delete කරන්නත් ඔයාලට පුලුවන්. 
Google+ කියන Option එක මගින් ඔයාලට Blog එක Google Plus සමග සම්බන්ධ කරන්න පුලුවන්. 

දැන් අපි Stats කියන යෙදුම ගැන බලමු. 




මේකෙ Overview කියන Tab එකෙන් ඔයාලගේ Blog එකේ Traffic information ගැන දැනගන්න පුලුවන්. ඒවගේම 2 කියල පෙන්නල තියන Posts කියන Tab එකෙන් වැඩියම අය බලපු Posts ගැන දැනගන්න පුලුවන්. 3න් පෙන්නන Traffic Sources මගින් වැඩියම අය ආපු Website ගැන දැනගන්න පුලුවන්. ඒවගේම 4න් පෙන්නන්න Audiance මගින් Blog එක බලන්න ආපු අය ආපු රටවල් හා එයාලගෙ Browser Details දැනගන්න පුලුවන්. 

Earnings කියන යෙදුමෙන් ඔයාලගෙ Blog එකේ Adsence හරහා Ads පෙන්නලා මුදල් හම්බකරන්න පුලුවන්. ඒක ගැන සුපිරි ලිපියක් iplusblog.com මගින් ගිහින් දැනගන්න පුලුවන්. ඒකට මෙතනින් යන්න. 

දැන් අපි Layout කියන යෙදුම ගැන බලමු. 



මෙතනින් ඔයාලට ඔයාලගෙ Blog එක වෙනත් විශේශාන්ග ඇතුලත් Gadgets ඇතුලත් කර්න්න පුලුවන්. ඒ වගේම Gadgets වල පිලිවෙල වගේ දේවලුත් වෙනස් කරන්න පුලුවන්. ඊටපස්සෙ ඔයාලගෙ Arrengement එක Save කරන්න රතු පාටින් රවුම් කරල තියන Save arrangment මගින් පුලුවන්. ඒ Gadgets යොදන හැටි මම පස්සෙ පාඩමකින් කියලා දෙන්නම්කෝ. 




Template කියන යෙදුම මගින් ඔයාලට ඔයාලගේ Blog එකේ Template එක වෙනස් කරන්නත්, HTML කේත වෙනස් කරන්නත් පුලුවන්. Costomize යන්න මගින් Template එක වෙනස් කල හැකි අතර Edit HTML මගින් ඔයාලට HTML කේත වෙනස් කරන්න පුලුවන්, මේවයින් වැඩ දාන හැටි මම පස්සෙ හෙමින් සැරේ කියල දෙන්නම්කෝ. 

දැන් ඉතින් අන්තිම යෙදුම ඒ තමයි Settings.



මෙතනින් ඔයාලට oyaalage Blog එකට අදාලව සැකසුම් කරන්න පුලුවන්. Blog Address එක වෙනස් කරන්න, Blog Title, Description වගේ දේවල් වෙනස් කරන්නත් මෙතනින් පුලුවන්. මේ දේවල් ගැනත් මම වෙනම කියලා දෙන්නම්.  

අදට එහෙනම් Blogging පාඩම ඉවරයි. ඔයාලට මොකුත් ප්‍රශ්න එහෙම තියනවානම් මට Comment කරලා කියන්න. තව මේ පාඩම ගැන ඔයාලගෙ අදහස් යෝජනා වගේ දේවලුත් මට කියන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.  

                                           ඔබට ජය..!



Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

4 comments:

  1. දැන් ඉතිං පෝස්ට් කොටනවා නෙහ්.. විභාගෙත් ඉවර වෙච්චි එකේ.. :D

    ReplyDelete
    Replies
    1. අනිවා.. ගෙදරට වෙලා කරන්නත් වැඩක් තියෙන්න එපැයි..

      Delete
  2. ආ මල්ලී..එල එල...

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ අයියා..

      Delete

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP