Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Top News!
Topics :

Monday, September 30, 2013

What is the Blog Syndicator?

By DJ Niraj  |  7:12 PM 3 comments

ඉතින් යාලුවනේ ඔන්න මම අදත් ආවා අලුත් පෝස්ටුවක් අරගෙන. අලුත් පෝස්ටුවක් දාන්න ටිකක් පරක්කු වෙන්වට තවුසන්ඩ්ස් සොරි.. මේ දවස්වල ටිකක් විතර බිසි.. හරි එහෙනම් අපි වැඩි කතා නැතුවම බහිමුකො අද වැඩේට..

අද මම කියන්න හදන්නේ Blog කලාවට නැතුවම බැරි ඒ වුනාට වැඩිය කතාකරන්නේ නැති දෙයක් ගැනයි. ඒ කියන්නේ අපි බ්ලොග් ලිව්වට ඒ බ්ලොග් ගැන විස්තර කියවන අයට අරගෙන යන්නේ මේ කියන බ්ලොග් සින්ඩිකේටර (Blog Syndicators) මගින් ඒ හින්දා මේ බ්ලොග් සින්ඩිකේටර බ්ලොග් ලියන අයට වගේම බ්ලොග් කියවන අයටත් ගොඩක් වැදගත් කාර්යයක් ඉටුකරනවා.


අපි දැන් බ්ලොග් සින්ඩිකේටරයක් කියන්නේ මොකක්ද කියලා බලමු.

බ්ලොග් සින්ඩිකේටරය කියන වචනයට වඩා ගොඩක් පාවිච්චි වෙන්නේ වෙබ් සින්ඩිකේටර්(Web Syndicator) කියන වචනය තමයි. Web syndicating කියන්නේ එම වෙබ් සින්ඩිකේටර තුල ඇතුලත්ව තියන වෙබ් අඩවි වල ඇති දත්ත ඍජුවම එම සින්ඩිකේටරය තුලින් දැකගත හැකි වෙනවා. එමගින් බ්ලොග් එක කියවන අයට පහසුවෙන් එම දත්ත වලට ලගා වීමට හැකිවෙනවා. එක අතකින් බැලුවම Google කියන්නෙත් එක ආකාරයකට Web syndicating සේවාවක් තමයි. 

දැන් බලමු ලාංකික බ්ලොග් කලාවට සින්ඩිකේටර මගින් ඇති කරන බලපෑම කොයි වගේද කියලා.

ලංකාව තුල විවිධ නම් වලින් සින්ඩිකේටර පවතිනවා. ඉන් ප්‍රධානම සින්ඩිකේටර ලෙස  සිංහල බ්ලොග්කරුවන්ගේ එකමුතුව හැදින්විය හැකියි. එසේම තවත් සින්ඩිකේටර 100ක් පමණ පවතිනවා. මම එවැනි සින්ඩිකේටර කිහිපයක් දක්වන්නම්.



සිංහල බ්ලොග් කරුවන්ගේ එකමුතුව (SBU) (blogs.sinhalabloggers.com)
 

ලාංකීය සිතුවිලි (syndi.lankeeya.lk/‎)
 

ලංකා බ්ලොග් කියවනය (www.lankabloggers.com)
 

හත්මාළුව බ්ලොග් කියවනය (www.hathmaluwa.org) 

 


සිංහලයා සිංඩිය (sinhalayasindiya.blogspot.com)


මාතලන්ගෙ සින්ඩිය (maathalangesindiya.blogspot.com)
 

අපේ බ්ලොග් (apeablog.blogspot.com)


ඔන්න ඔහොම තමයි ලංකාවේ තියන සින්ඩිකේටර වලින් ඉතාමත් ස්වල්පයක්. මෙම සින්ඩිකේටර වලින් බ්ලොග්කරුවන්ට 
කෙරෙන සේවාව ඉතාමත් විශාලයි. ඇත්තටම කියනවනම් අපි ගැන අපේ බ්ලොග් ගැන කියවන අය දැනගන්නේ මේ බ්ලොග් සින්ඩිකේටර නිසයි. ඒ හින්ද ඒවා පවත්වාගෙන යන අයට බ්ලොග් කරුවන්ගේ ස්තුතිය පුදකළ යුතුයි. 

එහෙනම් මම අදට ගිහින් එන්නම්. මම Blogger පාඩමකින් මේ වගේ සින්ඩිකේටරයක් හදන හැටි කියලා දෙන්නම්කෝ.  හැමෝටම සුබ රාත්‍රියක්. 






Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

3 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP