Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Sunday, September 1, 2013

Introduction to the Blogger - Blogging Lesson 1

By DJ Niraj  |  3:29 PM No comments

ඔන්න මම ඔයාලට අලුත්ම වැඩක් අරගෙන ආවා.  හැමදාමත් අලුත් Software ගැන ලියන එකේ මට හිතුනා Blogging ගැන පාඩම් ටිකක් කියල දෙන්න. මේක ගැන ගොඩක් අයටනම් අමුතුවෙන් විස්තර කරන්න ඕනි නෑ. ගොඩක් අය ඉතින් දැනටමත් Blogging කරනවනේ. හරි හරි එහෙනම් අපි වැඩි කතා නැතුවම වැඩෙට බහිමුකෝ.

blogging ගැන කතා කරනකොට අපිට ගොඩක් දේවල් කතා කරන්න පුලුවන්. Blogging කියන්නෙ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක්. ඒ කියන්නෙ අපිට කාටහරි මඩ ගහන්න ඕනි උනත් හොද කියන්න ඕනි උනත් කාවහරි හෙලා දකින්න ඕනි වුනත් යොදාගන්න පුලුවන් ප්‍රබල සන්නිවේදන මාධ්‍යක් තමයි Blogs කියන්නේ.


ප්‍රධාන් වශයෙන් Free Blogging සේවා ලබාදෙන වෙබ් අඩවි ගොඩක් තියනවා. ඒවා අතරින් ජනප්‍රියම කිහිපයක් තමයි,


මෙතනිනුත් වඩාත්ම ජනප්‍රිය Blogging සේවය තමයි මේ මමත් පාවිච්චි කරන Blogger කියන්නෙ. ලෝකයේ විශාලතම අන්තර්ජාල සේවා සම්පාදක සමාගම වන Google සමාගමෙන් තමයි මේ Blog සේවාව නොමිලේ ලබාදෙන්නේ.  
අපි එහෙනම් Blogger account එකක් හදාගන්න තැන ඉදන්ම, ඒ කියන්නෙ අ යන්නෙ ඉදන්ම ඉගෙන ගමු.  

Blogger සේවය ලබාගන්න ඉස්සෙල්ලාම අපි Google Account එකක් හදාගන්න ඕනි. ඒකට ඔයාලගෙ web browser එකේ Address කියන කොටසේ www.blogger.com කියල්ල type කරලා ඉස්සෙල්ලම Blogger site එකට යන්න. එතකොට මේ වගේ පිටුවක් ලැබෙනවා.  


 දැනටත් Google Account එකක් තියන අයට මෙතන තියන Sign in කියන තැනට Email එකයි Password එකයි දීලා ඇතුල් වෙන්න පුලුවන්. ඒත් Google Account එකක් නැති අය රතුපාට කොටුව ඇතුලෙ SIGN UP කියල තියන button එක Click කරන්න. එතකොට මේ වගෙ පිටුවක් එනවා. 




මෙහි වෙනත් E mail ලිපිනයක් ඇතුලත් කිරීම අනිවාර්ය නොවන අතර එසේ සිදුකිරීම මගින් ඔයාලට password අමතක වුවහොත් එය වෙනස් කිරීම පහසුවනු ඇත. 

රතු පාටින් දක්වා ඇති තැන ඇති කොටුව Click කෙරූවිට ඔබට Account එක සක්‍රීය කිරීම දුරකතනය හරහා සිදු කිරීමට් හැක. නැතිනම් පහතින් ඇති Captcha Code එක ලබාදීම මගින්ද ඉදිරියට යා හැක. කොහොම උනත් ඔයාලට Account එක Active කරන්න දුරකතනය ඕනිම වෙනවා. ඒ හින්ද මොකටද නිකන් බොරුවට Captcha කොට කොට කාලය නාස්ති කරන්නෙ. අපි ඒක click කරගෙනම යමු. 








ඊටපස්සෙ පහලින් නිල් පාටින් දැක්වෙන කොටුවත් click කරලා Next Step button එක  click කරනවා. එතකොට ඔයාල නිවැරදිව තොරතුරු ඇතුලත් කෙරුවානම් මේ වගෙ page එකක් දැකගන්න පුලුවන්.












 මෙතනදි ඔයාලට Account එක Active කරගන්න කලින් User verify System එකක් ක්‍රියාත්මක වෙනවා. මේකෙ Phone Number කියන තැනට ඔයාලගෙ වැඩකරන Phone number එකක් දීල Verify Code එක ඕනි SMS මගින්ද නැත්නම් Voice Call එකක් මගින්ද කියල අහනවා. මමනම් ඉතින් දුන්නෙ SMS කියල. ඔය Call අරගෙන කඩ්ඩෙන් කොටන්න ගත්තම blog ලියන එකත් එපාවෙනවනේ. කොහොමහරි දෙකෙන් එකක් තෝරගෙන Continue කියන buttin එක Click කරන්න. 




ටික වෙලාවකින් ඔයාලගේ Phone එකට SMS එකක් හරි Call එකක් හරි එයි. ඒකෙ තියනවා සාමාන්‍යයෙන් ඉලක්කම් 6ක විතර Number එකක්. ( මටනම් තවම 6ට වැඩි හරි අඩු හරි Numbers ඇවිත් නෑ. එනවද දන්නෙත් නෑ.) දැන් Enter verification code ලියන තැනට ඒ ඉලක්කම් 6 දීලා continue කරන්න. තවම Code එක ආවෙ නැත්නම් පල්ලෙහා නිල් පාටින් තියන Try again කියන එක click කරන්න. කොහොමහරි Continue Click කෙරුවම මෙහෙම වගේ page එකක් එනවා.  


එතනට Next Step කියන button එක Click කරන්න.…



ඊටපස්සෙ උඩ තියනවා වගේ Page එකක් එනවා ඒකෙ තියන Back to Blogger කියන Button එක Click කරන්න. දැන් අපි Google Account එක හදාගෙන ඉවරයි. දැන් තමයි ප්‍රධානම වැඩෙ පටන් ගන්නේ. 


කෙලින්ම Email password ඇතුලත් කරපු අයත් අලුතින් Account හදාගත්තු අයත් ඉස්සෙල්ලම එන්නේ මේ Page එකට. 




ඒ page එකේ තියන Continue to Blogger කියන Button එක Click කරන්න, එතකොට මේ වගේ Page එකක් ලැබෙනවා. 





දැන් ඒ Page එකේ නිල් පාටින් දක්වලා තියන New Blog කියන button එක Click කරන්න. 




එතකොට මේ වගේ Popup page එකක් එනවා. ඒකෙ Title කියන තැනට අපේ Blog site එකට ගැලපෙන නමක් දෙන්න. දැන් මේ නමෙන් තමයි ඔයාගෙ blog එක Search engine වලත් පෙන්නන්නේ. ඉතින් ටිකක් වැදගත් නමක් බ්ලොග් එකේ තියන දේවල් ගැන විස්තර කෙරෙන නමක් යොදාගන්න එක ගොඩක් හොදයි.  

            ඊටපස්සේ Address කියන තැනට blogsite එකට පහසුවෙන් එන්න පුලුවන් වෙන්න URL එකක් යොදන්න ඕනි. ඔයාලගෙ URL එකේ අගට .blogspot.com කියන subdomaim එක Automaticaly එකතුවෙනවා. ඒක අයින් කරන්න පුලුවන් විදිය මම පස්සෙ කියලා දෙන්නම්කෝ. එතනට යොදන නම පහසුවෙන් මතක හිටින එකක් වෙන එක ඔයාගෙ blog එකට traffic වැඩිකරගන්න ලොකු දායකත්වයක් දක්වනවා. ඔයාලට ඒ ඇතුලත් කරපු URL එක ලබාගන්න පුලුවන්නම් යටින් " This blog address is available " කියලා දැනුම් දෙනවා
      දැන් යට තියන box එකෙන් ඔයාල්;අට ඔයාලට කැමති Template එකක් තෝරලා දෙන්න පුලුවන්. ඒකෙන් තමයි ඔයාලගෙ blog එකේ ලස්සන තීර්ණය වෙන්නෙ. ඒ template එක ඕනිම වෙලාවක වෙනස් කරන්නත් පුලුවන්. Normal Templates වගේම HTML5 වලින් හදපු සුපිරි Templates එහෙමත් ගන්න පුලුවන්. එහෙම තෝරගන්න trmplates කැමති විදියට වෙනස් කරගන්නත් පුලුවන්. ඒක ගැනත් මම පස්සෙ පාඩමකදි කියල දෙන්නම්කෝ. එතනින් Template එකක් තෝරගෙන Create blog කියන Button එක Click කරන්න.  





එතකොට නැවතත් Blogger Dashboard එකට ඔයාලව යොමුකරනවා. එතන දැන් අපි හදපු බ්ලොග් එක මේ විදියට පෙන්නනවා. දැන් Start Posting Click කරලා Post ලියන එක ඒ කියන්නෙ Blog එක ලියන එක පටන් ගන්න පුලුවන්. 



දැන් Start Posting Click කෙරුවාම ඔයාලා මේ වගේ text editor එකකට එනවා. මෙතන තමයි ඔයාලගේ Post එක කොටන්න ඕනි. මේකෙ Post කියන තැනට Post එකේ මාතෘකාව ලබාදෙන්න ඕනි. ඊටපස්සෙ යටින් තියන ලොකු කොටුවෙ මාතෘකාවට අදාල ලිපිය type කරන්න ඕනි. ඔයාලට HTML විදියට ලිපිය type කරන්න ඕනි නම් HTML tab එක Click කරලා එහෙම type කරන්න පුලුවන්. මේ text editor එකේ තියන icons ගැන මම අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ ඔයාල Word වගේ Software එකක ලිවුමක් type කරනකොට යොදාගන්න යෙදුම්ම තම්යි මෙතනත් තියෙන්නෙ. 

    දැන් ඔයාලට මේ ලියපු පොස්ට් එකට Lable එකක් යොදන්න ඕනි නම් Label කියන තැනින් ඒක කරන්න පුලුවන්. දැන් සම්පූර්ණ පොස්ට් එකම ලියල ඉවරනම් ඒක Publish button එක click කරලා Blogsite එකේ පළ කරන්න පුලුවන්. එතකොට ඔයාලා blogger posts කියලා page එකකට එනවා. 





ඒකෙ ඔයාලගෙ Post එක උඩට Mouse cursor එක අරන් ගියාම එන Menu එකේ View කියන එක Click කරලා අපේ Post එක Blog එකේ පළ වෙලා තියන විදිය බලන්න පුලුවන්. Edit Click කෙරුවාම යොමුවෙන Text editor එකෙන් අපේ පෝස්ට් එක සන්ස්කරනය කරන්න පුලුවන්. Delete මගින් පෝස්ට් එක ඉවත් කරන්න පුලුවන්. 

     View හරහා ගියාම අපේ බ්ලොග් එක දකින්න පුලුවන් මෙහෙමයි. 





තවම අපේ බ්ලොග් එක තියෙන්නෙ ප්‍රාථමික අවස්ථාවෙ නිසා මෙහෙම පෙනුනාට මේක තවත් ලස්සන කරගන්න පුලුවන්. ඒක කරන විදිය මම පස්සෙ පාඩම් වලින් කියලා දෙන්නම්කෝ. මේ පාඩමේ තේරුනේ නැති තැනක් තියනවානම් Comment කරලා අහන්න. පාඩම ගැන ඔයාලගෙ අදහසුත් මට comment කරලා කියන්න. එහෙනම් blogger පාඩමේ තවත් කොටසකින් හම්බවෙමු

   ඔබට ජය!

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP