Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Tuesday, June 4, 2013

Download Facebook Images in One Click

By DJ Niraj  |  8:08 PM No comments

ඔන්න මම අද දවසට ලියන දෙවෙනි පෝස්ටුව. මම ඔන්න දැන් කියන්න හදන්නෙ මූනු පොතේ තියන Pages වලයි, Profile වලයි තියන Photos ගෙඩිපිටින්ම අරගන්න ක්‍රමයක් ගැනයි.

ඔන්න එහෙනම් කට්ටියම වාඩිවෙලා අහගන්නකො..

ඉස්සෙල්ලම මෙන්න මේ ලින්කුවට ගිහින් ඉන්නකො..

                 
                             www.picknzip.com




එතකොට ඔයාලට ඉස්සෙල්ලම පේන්නෙ මේ වගෙ Page එකක්.


ඔන්න දැන් අපි හදන්නෙ අපේ Facebook account එකට මේක හරහා ඇතුල්වෙන්න. මම නම් හිතන්නෙ ඔයාලා මේ browser එකේම වෙන tab එකක් හරහා Facebook log වෙලාම හිටියනම් හොදයි. ඒක ආරක්ශාවටත් හොදයිනෙ. අනිත් එක තමයි මේකෙන් ගන්න පුලුවන් අපේ account එකේ ඉන්න යාලුවන්ගෙ සහ අපි like කරල තියන pages වල ටියන photos විතරයි.

දැන් මේ photo එකේ රවුම් කරල තියන Login කියන බටන් එක click කරන්නකෝ.



එතකොට ඔයාලට මෙහෙම popup window එකක් පෙනේවි.  





මෙතනින් ඔයාලගෙ Email සහ Password ඇතුල් කරල account එකට log වෙන්න පුලුවන්. ඔයා log වෙලානම් ඉන්නෙ ඔයාට මේක දකින්න ලැබෙන්නෙ නෑ. 

ඊටපස්සෙ මෙන්න මෙහෙම ඔයාලට PicnZip Facebook app එකට permision ඉල්ලනවා. ඔයාල එකේ Okay කියලා දෙන්න. 



දැන් මෙන්න මෙහෙම Windows Explorer වගේ Profile & Pages Browser එකක් එනවා.


 

මෙතනින් රතු පාටට පෙන්නල තියන තැනින් ඔයාලට ඕනි Page එකකද Group එකකද නැත්නම් Profile එකකද කියල තෝරල දෙන්න. ඊටපස්සෙ පල්ලෙහා තියන Browser එකෙන් ඕනි කරන Page එක Group එක හරි Profile එක හරි තෝරල දෙන්න. 

දැන් එහාපත්තෙ නිල් පාටින් පෙන්නල තියන තැනින් Albums කියල දෙන්න. එතනට ගියාම ඒ Album එකේ thumbnail එකක් ලෝඩ් වෙනවා. ඒක උඩ click කෙරුවාම ඒ Album එකේ Photos ටික Load වෙනවා.


ඊටපස්සෙ උඩ Photo එකේ රතු පාටින් පෙන්නන විදියට photo එකක් උඩට mouse එක ගෙනිහින් ඊතලයක් වගේ තියන එක උඩ Click කරන්න.  

එතකොට මෙහෙම Photos ටික Gather කරගන්නවා. 


ඊටපස්සෙ Gather කරගෙන ඒ ටික Download කරගන්න කියනවා. එකේ Save  click කරන්න.  



දැන් ඒ File එක Download කරන්න Location එක තෝරල දෙන්න. 



ඊටපස්සෙ ඒ File එක Zip file එකක් විදියට Download වෙනවා.  



දැන් Download වෙච්ච File එක මෙහෙම තියනව බලන්න පුලුවන්. 


දැන් ඒක Extract කරගන්න තමයි තියෙන්නෙ 


මම මේක ගැන ඔයාලට ගොඩක් දවසක ඉදන් කියන්න තමයි හිතාගෙන හිටියෙ ඒත් වෙලාවක් තිබුනෙ නෑනෙ. මේ පෝස්ටුවෙන් ඔයාල මොනවහරි අලුත් දෙයක් ඉගෙනගන්න ඇති කියල මම හිතනවා.  

එහෙනම් ඔයාලට හිතෙන දේ කියලම යන්නකෝ, මට ඒව ගොඩක් වටිනවා. 
එහෙනම් මම අලුත් දෙයක් අරන් ඉක්මන්ටම එන්නම්.. සුභ දවසක්..


Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP