එහෙනම් වැඩි කතා ඕනි නෑ අද ආපු වැඩේට බහිමුකො.
මම අද අරගෙන ආපු දේ ගොඩක්ම අදාළ වෙන්නේ ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉගෙනගන්න අයට. මොකද මේ offer ඒකට apply කරන්න ඒක විශේෂ සුදුසුකමක් වෙනවා. ඒකට ඉතින් Governmentද Privateද කියල වෙනසක් නෑ. අනිත් එක මේ IT Field එකේ අය දන්නවා මේ field එකට මොන උපාධිය අරන් ආවත් වැඩ බැරිනම් ඌ මේ Field එකේ අනාතයෙක් වෙනවා.
ඒවා වලින් වැඩක් නෑ. එහෙනම් අපි බලමු මේ මොකක්ද කියල.
මම අද අරගෙන ඇවිත් තියෙන්නේ ඩොලර් 1000කටත් වැඩිය වටිනා Software Developer Bundle එකක්. ඒ කියන්නේ මේ service bundle එකේ තියන දේවල් ඔයාට නොමිලේම පාවිච්චි කරන්න පුළුවන්.
ඒකට ඕනි එකම සුදුසුකම ඔයා විශ්වවිද්‍යාලයක Undergraduate කෙනෙක් වෙන එක විතරයි. ( මේක එහෙම නැති අයටත් ගන්න පුළුවන්ලු. මම නම් ඒක ගැන දන්නේ නෑ. ගත්තොත් මටත් comment එකක් දාල කියන්න. ) ඒකට අවශ්‍ය වෙන්නේ University එකෙන් ඔයාට දීපු Private mail එක හරි campus ID එක හරි විතරයි.
අපි එහෙනම් ඉස්සෙල්ලම බලමුකෝ මේක ගන්නේ කොහොමද කියල ඊටපස්සේ තියන දේවල් මොනවද කියල එකින් එක බලමු.
ඉස්සෙල්ලම මේ පල්ලෙහා තියන Link ඒකට යන්න. ඔයාට campus එකෙන් Private Mail එකක් දීල තියනවා නම් මේ විදියට කරන්න. නැත්තන් ඔයා හිතන් ඉන්නේ campus ID එක use කරන්න නම් මේක කරන්න ඕනි නෑ..
ඉස්සෙල්ලම එහෙනම් www.github.com කියන ලින්ක් ඒකට ගිහින් කැම්පස් මේල් එක දාලා Account එකක් හදන්න. මම ඒක කියල දෙන්න යන්නේ නෑ. (එහෙම එකක්වත් කරගන්න බැරිනම් මේක තවදුරටත් කියවන්න එපා.)
දැන් ඒකෙන් log වෙලා ඉද්දි මේ මම පල්ලෙහා දාල තියන Link ඒකට යන්න.
එතකොට ඔයාලට ඉස්සෙල්ලම පෙන්නේ මේ වගේ page එකක්.
හරි දැන් අපි Pack එක ගන්න යන්නේ. Get Your pack කියන button එක ක්ලික් කරන්න.
මෙහෙම එකක් ආවොත් ඔයා අර හදාගත්ත Github Account එකෙන් log වෙන්න.
දැන් මේ වගේ page එකකට තමයි එන්නේ
හරි දැන් Yes, I'm a student කියන button එක ක්ලික් කරන්න. ඔයා student කෙනෙක් නෙමෙයි නම් යට පොඩියට තියන ලින්ක් එක ක්ලික් කරන්න.
දැන් මේ වගේ Form එකක් තමයි පුරවන්න එන්නේ.
මේ තියෙන්නේ ඒ Form එක.
මේකේ Name කියන තැනට ඔයාගේ නම දෙන්න. දැන් ඔයා කැම්පස් එකක ඉගෙනගන්නවා කියල අපි verify කරන්න ඕනි. ඒකට ක්‍රම දෙකක් තියනවා. එකක් ඔයාගේ Campus Mail එක. ඔයා එකෙන් verify කරනවා නම් ඔය Dropdown එකෙන් එක select කරන්න. (ඕකට ඕනි නිසයි මම එකෙන් account එක හදන්න කිව්වේ. නැත්තන් දැනටම තියන ඒකට එකතු කරන්නත් පුළුවන්.)
එහෙම නැතුව ඔය කැම්පස් ID එකෙන් verify කරනවා නම් campus id එකේ ඉස්සරහ පැත්තේ ඒ කියන්නේ campus එකේ නමයි ඔයාගේ නමයි දෙකම තියන පැත්තේ පැහැදිලි colour ෆොටෝ එකක් අරන් ඔය Upload Validation කියන ඒකට upload කරන්න.
ඉතුරු ටික ඉතින් පුරවන්න කියල දෙන්න ඕනි නැනේ. Graduation Year එක ඉතින් අපේ නම් id එකේ ගහල තියනවා. පස්සේ ඔය යටම තියන Submit Request කියන එක ක්ලික් කරන්න. ඊටපස්සේ තව තව ප්‍රශ්න ටිකක් අහයි. ඒවාට ඔයාට කැමති උත්තරයක් දෙන්න.
වැඩේ හරියටම කරානම්, ඔයාගේ campus mail ඒකට Email එකක් එයි. එහෙම නැත්තන් ඔයා දැනටමත් Github account එක හදපු Email ඒකට mail එක එයි. මොරටුවේ කැම්පස් mail එකටනම් Verification එක එන්න ගියේ විනාඩි 5යි. ID එකටනම් සමහරවිට දවසක් වගේ යනවා.
ඊටපස්සේ Verification එක ආවට පස්සේ ඔයාට ඕනි වෙලාවක https://education.github.com/pack/offers කියන ලින්ක් එකෙන් ගිහින් මේ bundle එක access කරන්න පුළුවන්.
හරි එහෙනම් මේක ගන්න හැටි දන්නවනේ. මේකේ තියන service ගැනත් මම පොඩි විස්තරයක් කියන්නම්.
ඔක්කොම service 21ක් මේකත් එක්ක දෙනවා. ඔක්කොගෙම වලංගු කාලය අවුරුද්දයි. අවුරුද්ද ඉවර වුනාම ඔයාට මේ වගේම කරලා ආපහු ගන්න පුළුවන් කියල එයාල කියනවා මම නම් තාම කරලා බලල නෑ.
1. ATOM Text Editor
එයාල පළවෙනියෙන්ම දෙන්නේ මේ ATOM කියන Text Editor එක. Programming කරන අයනම් දන්නවා Text Editor එකක් කොච්චර වැදගත්ද කියල. මේක නම් ඉතින් කොහොමත් Open Source එකක්.
2. AWS Educate
මේක Amazon සමාගමෙන් සපයන අධ්‍යාපනික සේවාවක්. හැබැයි නිකන් දෙන්නේ නෑ. අපි සල්ලි දෙන්න ඕනි. මේකෙන් අපිට Programming විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒකට අපිට පාවිච්චි කරන්න $150ක් දක්වා Credits හම්බවෙනවා.
3. Bitnami
මේක Cloud Application Installer එකක්. Databases, Servers එහෙම cloud service වලට integrate කරද්දී පාවිච්චි කරන්න පුළුවන්. මාසෙකට $49ක් වෙන සේවාවන් එයාලගෙන් අවුරුද්දක් පුරාවට අරගන්න පුළුවන්.
4. Carto
මේක Realtime Database systems එහෙම සපයනවා. ඒ වගේම Data Visualization වලට එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ එයාලගේ Premium Features අවුරුදු දෙකක් පුරාවට පාවිච්චි කරන්න ඔයාට අවස්තාව දීල තියනවා.
5. CrowdFlower
මේක හරහා අපිට Crowd Sourcing Projects run කරන්න පුළුවන්.
6. DataDog
මේකෙන් පුළුවන් ඔයාගේ ඕනිම server එකක් Monitor කරන්න. AWS, Azure, Google Cloud Platform වගේ ඕනිම service එකක් එක්ක මේක වැඩ කරනවා. මේකෙත් Pro account එකක් අවුරුදු 2කට ලැබෙනවා.
7. DigitalOcean
මේක cloud hosting service එකක්. මම ගොඩක්ම use කරනවා. මේකේ ඔයාට ඕනි විදිහට ඕනි කරන plans වලට Linux VPS හදාගන්න පුළුවන්. (අර Social Media Blackout එක දවස් වල මම මේක VPS එකකින් VPN Server එකකුත් හදාගෙන use කරා. කාටවත් අහුවෙලා Ban කරන්නත් බෑ. Data Leak වෙන්නෙත් නෑ. Slow වෙන්නෙත් නෑ. ඒක කරන විදිහ මම වෙන පෝස්ට් එකකින් කියල දෙන්නම්.)
මේකේ ඔයාට use කරන්න $50ක Credits හම්බවෙනවා.
8. Flatiron School
මේකත් Tutorials, Online Courses එහෙම දෙන තැනක්. ඔයාට Programming එහෙම ඉගෙනගන්න ඕනි නම් මේකෙන් ඒක කරගන්න පුළුවන්. මේකේ ඔයාට $149ක් වටිනා සාමාජිකත්වයක් මාසයක් කාලෙකට ලැබෙනවා.
9. Github
මේක මොකටද මේකට දාල තියෙන්නේ කියල බලයි. ඇත්තටම මේකෙන් ඔයාට Github Pro Account එකක් ලැබෙනවා. සාමාන්‍ය account වල Private Repositories හදන්න බෑනේ. එත් මේකේ Unlimited කරන්න පුළුවන්. මේකත් මාසෙකට $7ක් වෙන සේවාවක් ඔයා ඉගෙනගන්න කාලෙටම එක වලංගු වෙනවා.
10. GitKraken
මේක Git Client එකක්. එකෙත් Professional Version එකක් තමයි ඔයාට හම්බවෙන්නේ. මේකත් අවුරුද්දකට $60ක් වෙන සේවාවක්. අවුරුද්දකට ලැබෙනවා.
11. Hackhands
මේක ඔයාට Programming වලදී ඇතිවෙන ගැටළු වලට පිළිතුරු සහ උපදෙස් ලබාගන්න පුළුවන් සේවාවක්. ඔයාට ගැටලුසගත තැනක් ඇති වුනාම ලේසියෙන්ම මේකට යොමු කරලා පිළිතුරු ලබාගන්න පුළුවන්. මේකටත් ඔයාට $25ක credits ලැබෙනවා.
12. Microsoft Imagine
මේක තමයි මෙතන තියන වටිනාම එක. ආයේ ඔයාට Windows හොර කොපි use කරන්න අවශ්‍ය නෑ. මේකෙන් ඕනි Windows Version එකක Student Edition එක Freeම ගන්න පුළුවන්. ඊට අමතරව Visual Studio Package ඒකත් නොමිලේම ගන්න පුළුවන්. ඒ වගේම Azure cloud services වල සමහර සේවාවන් අවුරුද්දකට නොමිලේම ලබාගන්නත් පුළුවන්.
13. Namecheap
මේක තමයි අනිත් වැදගත්ම එක. මේ බ්ලොග් එකේ Domain ඒකත් මම ගත්තේ මේකෙන්. මේකෙන් පුළුවන් වසරක කාලෙකට .me domain එකක් free ගන්න. ඒක අවුරුද්දකට $19ක් වෙන සේවාවක්. ඊට අමතරව වසරක කාලයකට SSL එකත් ගන්න පුළුවන්. ඒකට සාමන්යෙන් අවුරුද්දකට $9ක් යනවා.
14. SendGrid
මේක Email Marketing service එකක්. ඇත්තටම ඔයාට Bulk Email sending එහෙම මෙයාලගේ APIs use කරලා කරන්න පුළුවන්. මෙයාලගේ student plan එකේ මාසෙකට Emails 15000ක් යවන්න පහසුකම් දීල තියනවා.
15. Sentry
මේ service එකෙන් ඔයාලට ඔයාලගේ Project එකේ Codes වල තියන වැරදි හදාගන්න පුළුවන්. ඕනිම Language එකක. මේකෙන් මාසෙකට අවස්ථා 500000ක් සහ Unlimited Projects දෙනවා. ඔයා ඉගෙනගන්න කාලෙටම
16. stripe
Stripe කියන්නේ Payment platform එකක්. මේකෙන් අන්තර්ජාලය හරහා සිදුකරන ගනුදෙනු පාලනය කරන්න වගේම ඒ කරන ගෙවීම ලබාගන්නත් පුළුවන්. ලංකාවටනම් වැඩ කරන්නේ නෑ මං හිතන්නේ. කොහොමහරි මේකේ සිදුකරන පළමු $1000ක මුදල ගාස්තු රහිතව සිදු කරනවා. මේකන් ඔයාලට සාමන්යෙන් $30ක් වගේ ඉතුරු කරගන්න පුළුවන්.
17. Taplystics
මේක Native Mobile Application වලට Realtime Notification සහ Testing සේවා සපයන ආයතනයක්. මේකේ ඔයාට මාස 6කට Unlimited Access ලැබෙනවා.
18. Thinkful
මේකත් Online Courses දෙන සේවාවක්. මේකෙන් මාසයක කාලයකට නොමිලේ Access ලැබෙනවා.
19. Transifex
මේක use කරලා ඔයාගේ Application එක Localize කරන්න පුළුවන් ඕනිම රටකට ගැලපෙන විදියට, උදාහරණයක් විදියට ජපානයට ගමුකො. එයාලට English වලින් බෑනේ. එයාලට ඕනි විදියට මේක ජපන් භාෂාවට හරවන්න එහෙම මේ platform එක යොදාගන්න පුළුවන්. මේකෙත් මාසෙකට $99ක සේවාවන් වසරක කාලයකට නොමිලේ ලැබෙනවා.
20. Travis CI
මේක Open Source Projects සහ Private Projects Testing සහ Deploying වලට පාවිච්චි කරන්න පුළුවන් platform එකක්. මේකේ මාසෙකට $69ක් වෙන සේවාවන් ඔයා ඉගෙනගන්න කාලෙටම නොමිලේ ලැබෙනවා.
21. Unreal 4 Engine
Unreal කිව්වම හැමෝම දන්නවා Gaming Engine එකක් කියල. මේකේ Free හම්බවෙන Version එකට වැඩිය ගොඩක් features මේ දෙන version එකේ තියනවා. මේකත් ඔයා ඉගෙනගන්න කාලෙටම නොමිලේ ලැබෙනවා.
හරි ඔන්න මං තියන services ගැන කෙටියෙන් කිව්වා. දැන් ඔයාලටම තේරෙනවා ඇති මේකේ තියන දේවල් ඔක්කොම ගත්තොත් $1000 ටත් වැඩිය වටිනවා කියලා. මමත් මේකේ හැමදෙයක්ම use කරලා බලල නෑ.
ඔයාල use කරලා ඔයාලගේ අදහසත් මට කියන්න පල්ලෙහා comment section එකේ comment එකක් දාලා. පොස්ට් එක ගැන ඔයාලගේ අදහසුත් comment එකක් දාල කියන්න.
ඔබට ජය!